ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණ පවත්වයි.

නොවැම්බර් 26, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නැගෙනහිර ප්‍රදේශයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සදහා පෙනී සිටින පාසැල් සිසුන් වෙනුවෙන් පසුගිය සතියේ අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය. යුද්ධ හමුදා මාධ්‍යට අනුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය පසුගිය බදාදා දින (නොවැම්බර් 20) ‘පර්ල් ග්‍රෑන්ඩ්’ පිළිගැනීමේ ශාලාවේදී පවත්වන ලදී.

මෙම සම්මන්ත්‍රණය මගින් පාසැල් සිසුන් 500 කට වඩා වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසිණි.

මෙවැනි වැඩසටහන් දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පාසැල් සිසුන් ඉලක්ක කරගනිමින් දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වන අතර මෙම  වැඩසටහන් මඟින් මේ වන විට සිසුන් විශාල පිරිසකට ප්‍රතිලාභ සැලසී ඇත. යුද හමුදාව විසින් මෙම අධ්‍යාපන වැඩසටහන් පවත්වනුයේ අදාළ ප්‍රදේශවල සිටින සුදුසුකම්ලත් ප්‍රවීණ ගුරුවරුන්ගේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තු බලධාරීන්ගේ පුර්ණ සහයෝගයෙනි.