ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 27, 2019

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය අද (නොවැම්බර් 27) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම සුහද හමුවේදී ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකවරයා නව ආරක්‍ෂක ලේකම්වරයාට සිය සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.