නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලෙස ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් පත්කෙරේ

නොවැම්බර් 27, 2019

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් බදාදා දින (නොවැම්බර් 27) පත්කරන ලදි. එතුමන් ඊයේ උදෑසන ජනාධිපති මහලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සහ අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය ලෙසද කටයුතු කරයි.