ආරක්‍ෂක ලේකම් ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගෙන අතිපූජ්‍ය මහානාහිමිවරුන් බැහැදකි

නොවැම්බර් 30, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද (නොවැම්බර් 30) දින ඓතිහාසික කන්ද උඩරට සංචාරයක නිරතවිය. අති උතුම් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්, දලඳා මාලිගාවෙහි දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගෙන ආගමික වතාවත් සිදුකරන ලදි.

අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමන් පිළිවෙලින් අසිගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිම් සහ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමි යන නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.

තවද ආරක්ෂක ලේකම්තුමන් ගැටඹේ රාජමහා විහාරයද වැඳපුදා ගන්නා ලදි.

නව ආරක්‍ෂක ලේකම්තුමන් නොවැම්බර් 20 වන දින සිය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් පසුව ඓතිහාසික මහනුවර ප්‍රදේශයේ සිදුකරන ලද ප්‍රථම සංචාරය මෙයයි.