කිලිනොච්චි ප්‍රදේශයේ මාර්ග අනතුරු වැලැක්වීම සඳහා පොලිසියෙන් විශේෂ වැඩසටහනක්

දෙසැම්බර් 11, 2019

ශ්‍රී ලංකා පොලීසිය විසින් කිලිනොච්චි කොට්ඨාශයේ පැපැදි සහ ට්‍රැක්ටර් රථවල ලුමිනස් ස්ටිකර් ඇලවීමේ විශේෂ වැඩසටහනක් අඟහරුවාදා (දෙසැම්බර් 10) දින සිදුකරන ලදි. පොලිස් මාධ්‍යයට අනුව මාර්ග අනතුරු අවම කිරීමේ පුර්වාරක්‍ෂක පියවරක් ලෙස මෙය සිදුකර ඇත.

කිලිනොච්චි කොට්ඨාශය තුල මෑත කාලයේ ඉහල ගොස් තිබෙන මාර්ග අනතුරු වැලැක්වීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදි. කිලිනොච්චි ප්‍රදේශයේ පාපැදි ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වන අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ට්‍රැක්ටර් බහුලව යොදාගනී. මෙම ලුමිනස් ස්ටිකර් මගින් රාත්‍රි කාලයේදී යතුරු පැදිකරුවන්ට පාපැදි සහ ට්‍රැක්ටර් රථ හඳුනාගත හැකිවීම තුලින් අනතුරු වලක්වා ගත හැකිය.

මෙම වැඩසටහන කිලිනොච්චි කොට්ඨාශ‍ භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මුලිකත්වයෙන්  MAS Intimates (Pvt) Ltd ආයතනයේ අනුග්‍රහය යටතේ  පැවැත්විණි.

ආශ්‍රිත පුවත් : පොලිස් මාධ්‍ය ඒකකය