ත‍්‍රස්තවාදය සහ අන්තවාදය පාලනය කිරීම සඳහා බුද්ධි අංශ විශාල කාර්යභාරයක් ඉටු කරයි - ආරක්ෂක ලේකම්

දෙසැම්බර් 12, 2019

- සේවයේ නියුතු, ආබාධිත සොල්දාදුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්, දරුවන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සුභසාධනය සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් පවසයි.

එල්ටීටීඊය යලි ඉස්මතු වීමට උත්සහ දරන අතර,  නොමඟ ගිය අන්තවාදී තරුණ පිරිසක් විසින් ඔවුන්ගේ ආගම වැරදි ලෙස අර්ථකථනය කර ගනිමින් රටේ පවතින සාමකාමී වතාවරණය අස්ථාවර කිරීමට උත්සහ දරමින් සිටින වකවානුවක, මෙවැනි ක්‍රියාවන්ගෙන් රට ආරක්ෂා කිරීමට බුද්ධි අංශයට විශාල කාර්යභාර්යක් පැවරි ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.

මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් රටේ ජනතාව තුල භීතිය හා සැකය ඇති කර රටේ ආර්ථිකය අඩපණ කරමින් රට තුල විනාශයක් සිදුකල බව එතුමන් පැවසීය.

යාපනය අර්ධද්වීපයේ සිය ප්‍රථම සංචාරය සිදුකරමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ආමන්ත්‍රණය කරමින් පවසා සිටියේ  මාරාන්තික පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව වගකිවයුත්තන්  සෙවීම සඳහා  විශේෂ විමර්ශනයක් අවශ්‍ය  බවයි.

“මෙය බෞද්ධ රටක් වන අතර  ජනතාවට තම තමන්ගේ ආගම් ඇදහීමට නිදහස තිබෙන අතර සියලු ජනවාර්ගික කණ්ඩායම් සඳහා ගෞරවාන්විතව ජීවත් විය හැකි හිතකර වු පරිසරයක් නිර්මාණය කිරීම අපගේ යුතුකමය” මේජර් ජෙනරාල්  කමල් ගුණරත්න මහතා පැවසීය.

ත්‍රස්තවාදයට එරෙහි දශක තුනක දීර්ඝ යුද්ධය  නිමා කර රටට සාමය උදා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය සිය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇති අතර හිටපු එල්ටීටීඊඊ සාමාජිකයින් 12,000 කට වඩා වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර  සමාජගත කර ඇති බවද එතුමන් පවසා සිටින ලදී.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීම  සදහා  අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් අනාගතයේ ඇතිවිය හැකි ඕනෑම තර්ජනයකට හෝ අභියෝගයකට මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දී තිබෙනවා. යුද්ධය නිසා තුවාල වී ආබාධිත තත්වයේ  පසුවන සෙබළුන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් රජය කටයුතු සිදුකරනු ලබනවා. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට, ඔවුන්ගේ දෙමව්පියන් සහ දරුවන්ගේ ජීවන තත්වය නංවාලීම සඳහා අවැසි සහායෝගය ලබා දෙන බවට ප්‍රකාශ කරමින් රණවිරුවන් ද ඔවුන්ගේ ගෞරවය පවත්වා ගැනීමට ද කටයුතු කල යුතු බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසා සිටියේ ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතාගේ දැක්ම අනුව සාමය යථා තත්ත්වයට පත්කිරීම සඳහාත් රටේ එකමුතුකම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජීවිත  පරිත්‍යාග කල හා ආබාධිත තත්වයට පත් වුනු සොල්දාදුවන්ට  ජනතාවගේ ගෞරවය හිමිවන පරිසරයක් නිර්මාණය කිරීම බවත්ය.

උතුරු අර්ධද්වීපයේ සිය පළමු සංචාරය සිදු කිරිම සඳහා අද උදෑසන පලාලි ගුවන්තොටුපල වෙත පැමිණි ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් පිළිගනු ලැබීය.

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක  සේනා මූලස්ථානය වෙත පැමිණි ආරක්ෂක ලේකම්වරයා වෙත කඳවුරු මුර සම්මාන මුරයක් සහ සම්මාන ආචාර  පෙලපාලියක් පිරිනමන ලදි.

යුද හමුදා චාරිත්‍ර වලින් පසුව ලේකම්වරයා සිය සංචාරය සනිටුහන් කිරීම සඳහා පැලයක් රෝපණය කරන ලදි. ඉන් අනතුරුව පලාලි ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුර වෙත ගොස් රැස්ව සිටි ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසයේ සෙබළුන් 3,000 කට අධික පිරිසක් අමතන ලදි.

මෙම සංචාරයේදී ආරක්ෂක ලේකම්තුමන් ආරක්ෂක තත්වය පිළිබඳ සාකච්ඡාවකටද යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදී සහභාගී විය. ඉන් අනතුරුව උතුරු නාවික විධානය වෙතද ගිය ආරක්ෂක ලේකම්තුමන් සිය සංචාරය අවසන් කරමින් කොළඔ බලා  පැමිණියේය.