සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 24, 2019

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ලෙස පත්වූ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පිරිස් මහතා අද (දෙසැම්බර් 24) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම අවස්ථාවේදී නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ ආරක්‍ෂක ලේකම්තුමන් අතර සුහඳ සාකච්ඡාවක් ද පැවැති අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.