ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය අමාත්‍යාංශ සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දෙයි

දෙසැම්බර් 30, 2019

අද දින (දෙසැම්බර් 30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවකයින්ගේ ළමුන් 500 කට වැඩි පිරිසකට පාසල් පොත්, බෑග් සහ සපත්තු සඳහා තෑගි වවුචර් පිරිනමන ලදී.

අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස චිත්‍රානි ගුණරත්න මහත්මිය සහභාගී විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් උත්සවය අතරතුරදී සංකේතාත්මකව අමාත්‍යාංශ සේවකයින් 30 දෙනෙකු වෙත මෙම තෑගි බෙදාදීම සිදුකරන ලදී.

මෙම තෑගි මෙම දරුවන්ට අධ්‍යාපනික දිරිගැන්වීමක් ලෙස මෙන්ම මෙම උත්සව සමයේදී ඔවුන්ගේ දෙමාපියන්ට සහන සැලසීමේ සුභසාධන පියවරක් ලෙසද පිරිනමන ලදී. සියළුම සේවා  සහ සිවිල් කාර්ය මණ්ඩල සේවකයින්ගේ පාසල් යන දරුවන් හට මෙම  තෑගි ලබා දී ඇත.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදා සම්බන්ධීකරණ නිලධාරී, සේවා වනිතා ඒකකයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.

මෙම වැඩසටහන  අමාත්‍යාංශ සේවකයින්ගේ සුභසාධනය සඳහා  අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කරන ලද  සුභසාධන වැඩ සටහන් වලින් එකකි.