ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට කිසිදු කැළලක් ඇති කිරීමට අදහස් නොකරන බව ස්විට්සර්ලන්තය පවසයි

ජනවාරී 01, 2020

ස්විට්සර්ලන්තය ඊයේ පවසා සිටියේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත් මෑත කාලීන සිදුවීමේ වර්ධනයන් පිළිබදව කනගාටු වන බවත් නියමිත ක්‍රියාවලියට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ප්‍රශ්න කිරීමට හේතු වී ඇති බවයි.  

දෙසැම්බර් 30 වන දින නිකුත් කරන ලද රාජ්‍යතාන්ත්‍රික සටහන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කරන ලදී. එහි සිංහල පරිවර්තනය පහත දැක්වේ.   

“පසුගිය සති කිහිපය තුළ තානාපති කාර්යාලයේ දේශීය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධ සිද්ධියක් පිළිබඳ වරදවා වටහාගැනීම හේතුවෙන් මෙම සම්බන්ධතාවය බිඳ වැටී ඇති අතර පසුව ඇය ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිදුවීම තුළ සනාථ නොකළ කරුණු පොදු විෂයපථය තුළට ඇතුළත් කර ඇති අතර, එමගින් දෙරට අතර සුහදතාවයට අනවශ්‍ය පීඩනයක් ඇති කරයි.මෙම කාලය තුළ කිසිදු අවස්ථාවක ස්විට්සර්ලන්තයට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමේ අදහසක් නොතිබුණි”

අනුග්‍රහය: www.mfa.gov.lk