රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනයට වැට බැඳිය යුතු බව ජනපති අවධාරණය කරයි

ජනවාරී 11, 2020
  •     ද්විතියික හා තෘතියික අධ්‍යාපනයට පුළුල් ඉඩ ප්‍රස්ථා.
  •     නිදහස් අධ්‍යාපනය රැක ගනිමින් උසස් අධ්‍යාපනය පුළුල් කෙරේ.
  •     උසස් අධ්‍යාපනය විදෙස් විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට.

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සදහා විදෙස් සිසුන් ද ආකර්ශනය කරගත හැකිය.  උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයනමාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව  ජනාධිපතිතුමා කියා සිටී.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවයට අද (10) පස්වරුවේ එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

http://www.pmdnews.lk