නාවික හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

ජනවාරී 04, 2019

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 04) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම හමුව අතරතුර රාජ්‍ය අමාත්‍යතුමන් සහ නාවික හමුදාපතිතුමන් අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම අවස්ථාව සිහිවීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.