“සුන්දල පුර්ණිකා” ග්‍රන්ථය ආරක්ෂක ලේකම් වෙත පිළිගැන්වෙයි

ජනවාරී 13, 2020

ප්‍රවීණ ලේඛිකා ආෂා මධුතිසරු මහත්මිය විසින් රචිත “සුන්දල පුර්ණිකා” ග්‍රන්ථයේ පිටපතක් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත අද (ජනවාරි 13) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පිළිගැන්විය.   

මහා රාවණා රජුගේ කාලය දක්වා දිවෙන ඓතිහාසික පුරාවෘත්තයක් නාමික කොටගත්  තාරුණ්‍යයේ අවධානය දිනා ගත යුතු යැයි හැගෙන පර්යේෂණ ප්‍රතිඵලයක් මත පදනම්ව මෙම ප්‍රබන්ධය රචනා කර ඇත.  

පැවතෙන්නා වූ සමාජීය ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමට පෙර ඇය විවිධ මාතෘකාවන් යටතේ ප්‍රබන්ධයන් රචනා කර ඇත.