නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 04, 2019

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (ජනවාරි 04) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුව අතරතුර ආරක්‍ෂක ලේකම්තුමන් සහ නාවික හමුදාපතිතුමන් අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.