ශ්‍රී ලංකා සිසුන් 32 දෙනෙකු ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වුහාන් නගරය වෙත ගොඩබැස්සවීමට ජනාධිපති රාජපක්ෂ මහතාගේ අනුමැතිය

ජනවාරී 27, 2020

- ශ්‍රී ලාංකික සිසුන් 860 ක් පමණ මේ වන විට චීනයේ රැඳී සිටීන බැව් පැවසේ.

-කොරෝනා වෛරසය ආසාධිත වූ කිසිදු ශ්‍රී ලාංකිකයකු පිලිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලාංකීය සිසුන් 32 නෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙරටට රැගෙන එම සදහා ඊයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගුවන් යානයක් වුහාන් නගර ගුවන්තොටුපළ වෙත ගොඩබෑම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.

ගුවන්යානය ගොඩබෑම සඳහා අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා තානාපති කාර්යාලය චීන විදේශ අමාත්‍යාංශය සහ වුහාන් පළාතේ විදේශ කටයුතු කාර්යාලය සමඟ සමීපව කටයුතු කරයි. ඔවුන්ගේ වර්තමාන ස්ථාන වලින් පිටතට යාමට අවසර දුන් වහාම ඔවුන් මෙරටට රැගෙන ඒමට නියමිතය.

දැනට චීනයේ සිටින අනෙකුත් සියලුම ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා තානාපති කාර්යාලය සහ කොන්සලේට් ජෙනරාල්වරුන් ද ශ්‍රී ලංකා ගුවන් සේවය සමඟ කටයුතු කරන බව අමාත්‍යාංශය සිය මාධ්‍ය ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

මේ වන විට සිසුන් 860 ක් පමණ චීනයේ විවිධ නගර වල රැදී සිටින බවට වාර්ථා වී ඇත.

 

මාධ්‍ය නිවේදනය

චීනයේ වූහාන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය

-  2020 ජනවාරි  26 වැනි දින නවතම තොරතුරු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ ලබාදුන් උපදෙස් අනුව, ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 32 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගුවන් මගින් ගෙනයාම සඳහා වූහාන් නගරයේ ගුවන් තොටුපළේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගුවන් යානයක් ගොඩ බැස්සවීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද දින ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.  ඔවුන් දැනට සිටින ස්ථානවලින් පිටතට යාමට අවසර ලබාදුන් විගස, මෙම ගුවන් යානය ගොඩ බැස්සවීම සඳහා අවසර ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට මෙම තානාපති කාර්යාලය, චීනයේ විදේශ අමාත්‍යාංශය සහ වූහාන් ප්‍රාන්තයේ විදේශ කටයුතු කාර්යාලය සමග සමීපව කටයුතු කරමින් සිටියි.

දැනට චීනයේ සිටින අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා දෙන ලද උපදෙස් ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් මෙම අමාත්‍යාංශය, තානාපති කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය ද ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමග කටයුතු කරමින් සිටියි. චීනය පුරා විවිධ නගරයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 860 දෙනෙකු පමණ දැනට සිටින බවට ගණන් බලා ඇත.

මේ අතර කිසියම් හෝ ආසාදනයක් සිදුවීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට බීජිං හි තානාපති කාර්යාලය, ගුඇන්ග් ෂු හා ෂැංහයි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාල නිරතුරුවම චීනයේ වූහාන් ප්‍රාන්තයේ හා වෙනත් ප්‍රාන්තවල සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග නිරතුරුවම සම්බන්ධ වී සිටියි.  කොරෝනා වෛරසය කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ආසාදනය වී ඇති බවට කිසිදු තොරතුරක් දූත මණ්ඩලය හා දූත කාර්යාලවලට ලැබී නොමැත.

ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අපේක්ෂා කරන, චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ වෘත්තිකයන්ට සහය වීම පිණිස විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිං හි පිහිටි සිය දූත මණ්ඩලය, ෂැං හයි සහ ගුවැන්ග්ෂූ හි පිහිටි දුත කාර්යාල සමග එක්ව බීජිං, ෂැං හයි සහ ගුවැන්ග්ෂු සඳහා සාමාන්‍යයෙන් මෙහෙයවන ගුවන් ගමන් සඳහා වූ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්  ගුවන් ගාස්තුවෙන් 50%ක වට්ටමක් ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. චීනයේ සිට‍ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, 0094-777771979 ඔස්සේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් නියමිත ගුවන් ගාස්තුවෙන් 50%ක වට්ටමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, ඔවුන්ගේ දෙමාපියන් හා ඥාතීන්ට අවශ්‍ය ඕනෑම සහනයක් සැලසීම සඳහා දූත මණ්ඩලය හා දූත කාර්යාල පැය 24 මුළුල්ලේම මෙහෙයුම් කටයුතුවල නිරතව සිටී.  0086-10-65321861/2 ඔස්සේ ක්ෂණික ඇමතුම් ලබා දීමෙන් දූත මණ්ඩලයෙන් තොරතුරු ලබා ගත හැක.  චීනයේ වෙසෙන ශ්‍රී ලාංකියන් සහ ඔවුන්ගේ ඥාතීන් පිළිබඳ විමසීම් කිරීම සඳහා පහත සඳහන් නිලධාරීන්, පහත සඳහන් අංක ඔස්සේ පැය 24 මුළුල්ලේම ඇමතිය හැක.

ඇලෙක්සි ගුණසේකර මහතා, අමාත්‍ය (වාණිජ),  ජංගම දු.ක අංකය 0086 13070138025

බ්‍රිගේඩියර් කල්ප සංජීව මහතා, අමාත්‍ය උපදේශක (ආරක්ෂක), ජංගම දු.ක. අංකය 0086 13051733302

ඉනෝකා වීරසිංහ මහත්මිය, දෙවැනි ලේකම්, ජංගම දු.ක. අංකය 0086 15116905523

තිළිනි ගුණරත්න මහත්මිය, දෙවැනි ලේකම්, ජංගම දු.ක. අංකය 0086 131217 22296

ෂැං හයි, අන්හුයි, ෂිජිඈන්, ජියැංෂු හා හූනාන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ෂැංහයි හි කොන්සල් ජනරාල් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය 0086 13472771702 ඔස්සේ ද විශේෂ කාර්ය භාර නිලධාරිනී ගීතා පෙරේරා මහත්මිය 0086 15900946639 ඔස්සේ ද ඇමතිය හැකිය.

ගුවැන්ෂු හි කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය 0086 18814134670 ඔස්සේ හෝ විශේෂ කාර්ය භාර නිලධාරිනී යූ.කේ.ජී. රෝෂිණී මහත්මිය 0086 13902301874 ඔස්සේ ඇමතීමෙන් ගුවැන්ග්ඩොන්, ෆියුජිඈන්, හයිනෑන්, ගුවැන්සි, ජියැංසි හි වෙසෙන ශ්‍රී ලාංකියන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකිය.

අනුග්‍රහය: විදේශ සබඳතා අමාත්‍යාංශය