අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSSSL) අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට

පෙබරවාරි 10, 2020

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSSSL) අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පත්කර තිබේ.

ඔහු සිය පත්වීම් ලිපිය අද (පෙබරවාරි 10) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙතින් ලබා ගත්තේය .

ඔහු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයකු වන අතර මෑතකදී ජනාධිපතිවරයාගේ විදේශ සබඳතා පිළිබඳ අතිරේක ලේකම්වරයා ලෙස ද පත් කරන ලදි.

අද්මිරාල් මහාචාර්ය ජයනාත් වසර 36 ක කාලයක් නාවික හමුදාවේ සේවය කර ඇති අතර නාවික හමුදාවේ 18 වන නාවික හමුදාධිපතිවරයායි.

‘Asymmetric Warfare at Sea; the case of Sri Lanka’ සුප්‍රසිද්ධ ග්‍රන්ථයද ඔහු විසින් රචනා කර ඇත.