සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය ආරක්ෂක ලේකම් වෙත පිරිනැමේ

පෙබරවාරි 12, 2020

බුද්ධදාස හේවගේ විසින් සම්පාදනය කරනු ලැබූ නවතම සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය අද (පෙබරවාරි 12) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පිරිනමන ලදි.

මෙම අවස්ථාවේදී බුද්ධදාස හේවගේ විසින් රචනා කරන ලද තවත් පොත් කීපයක් ද මේජර් ජෙනරාල් ගුණරත්න වෙත පිරිනමන ලදි. The Victims, The Shadows of Life සහ සුළං හෝරාව යන කෘතීන් ඒ අතරවේ.

පිටු 2500 කින් යුත් මෙම ශබ්දකෝෂයේ  සිංහල වචන 100,000ක් එහි ඉංග්‍රීසී අර්ථයන් 150,000ක් අඩංගු වේ. බුද්ධදාස හේවගේ ‘කලාකීර්ති’ සහ ‘කලාභූෂණ’ සම්මානයන්ගෙන් පිදුම් ලද ප්‍රවීණ ලේඛකයෙකි.
 
මේජර් ජෙනරාල් ගුණරත්න තමා විසින් රචනා කරන ලද ‘කඩොල් ඇත්තු’ සහ ‘උත්තර දේවි’ යන ග්‍රන්ථයන් දෙක බුද්ධදාස හේවගේ වෙත පිරිනැමීය.