බාහිරව විකාශනය වූ කාල නියමයන් සංහිඳියාව ක්‍රියාවලියට බාධාවක් වනු ඇත - ශ්‍රී ලංකා තානාපති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පවසයි.

පෙබරවාරි 14, 2020

“ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බාහිරව විකාශනය වූ කාලරාමු, සංහිඳියාව ක්‍රියාවලියට බාධා පමුණුවනු ඇත්තේ ඒවා නියම ස්වභාවයෙන් නැති බැවිනි” රජය එක්සත් ජාතීන්ට දන්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පෙබරවාරි 13 වෙනි වෙනි දින “සාමය ස්ථාපිතකිරීම සහ සාමය පවත්වා ගැනීම: ගැටුම් හා පශ්චාත් ගැටුම් තත්වයන් තුළ සංක්‍රාමී යුක්තිය” මාතෘකා කරගත් එක්දින විවාදයකදී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත තානාපති ක්ෂෙනූකා සෙනෙවිරත්න විසින් මෙය අවධාරණය කරන ලදී.

සංක්‍රාමී යුක්තියේ යාන්ත්‍රණයන් සෙවීමේදී ඒ හා සම්බන්ධ සරල න්‍යායන් විවිධ ඓතිහාසික, සංස්කෘතික හා ආගමික සංවේදීතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බව ඇය පැවසුවාය.