ත්‍රස්තවාදයට ඉඩ නොතබන බවට ආරක්‍ෂක ලේකම් ප්‍රතිඥා දෙයි

පෙබරවාරි 14, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වය යටතේ ඉදිරියේදී රටේ සාමය අස්ථාවර කිරීමට ත්‍රස්තවාදයට කිසිසේත් ඉඩ නොතබන බවට ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.

ත්‍රස්තවාදය අවසන් කිරීමට වසර 30 ක දීර්ඝ සටනක යෙදුනු ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ගේ දැවැන්ත පරිත්‍යාගයන් තුලින් අප රටට සාමය උදාවූ බව ඔහු පැවසීය.

 “ආදරණීය පුතුනි, දියණිවරුනි, මම ඔබේ ආරක්ෂාව සහතික කරමි. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව සහතික කිරීම සඳහා මීට පෙර අවදානමට ලක්කර තිබූ ජාතික ආරක්ෂාව සමඟ මෙම රජය නොසැලිකිලිමත් ලෙස කටයුතු නොකරනු ඇත’’, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් අමතමින් ඔහු අද දින මෙසේ පැවසීය.

ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ධර්මපාල විද්‍යාලය විසින් ඔහුට උපහාර දැක්වීම සඳහා සංවිධානය කරන ලද උත්සවයේදී ශිෂ්‍යභට කණ්ඩායමට එක්වීමට ඔහු පෙලඹුනේ එවකට විද්‍යාලයේ ශිෂ්‍යභට ගුරුවරයා විසින් ශිෂ්‍ය භටයින් හට ලබා දුන් පුහුණුව දැකීමෙන් බව කියා සිටි ඔහු වැඩිදුරටත් පැවසූයේ සොල්දාදුවන් ලෙස ඔවුන් ඔවුන්ගේ තරුණවිය රටේ බාල පරම්පරාව වෙනුවෙන් පූජා කළ බවයි.

 “අපේ දරුවන්ට සාමකාමී අනාගතයක් උදෙසා ත්‍රස්තවාදයට එරෙහි සටනේදී බොහෝ තරුණ සොල්දාදුවන් මිය ගිය හා ආබාධිත තත්වයට පත්වූ අතර තවත් බොහෝ දෙනෙක් මේ වනවිටත් රෝහල් ඇඳන් මත ප්‍රථිකාර ලබමින්  වැතිර සිටින බව මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

මෙම අවස්ථාවට සහභාගී වූ විශ්‍රාමික හා සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් පිළිබඳව සඳහන් කරමින් ඔහු කියා සිටියේ පාසැලෙන් බිහිවූ ආරක්ෂක හමුදා, පොලීසිය සහ රජයේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් රටට සාඩම්බරයෙන් සේවය කර ඇති බවයි.

" ඔවුන් අතර රටට සාමය උදාකිරීම සඳහා සිදුකල සටනේදී මියගිය හා ආබාධිත තත්වය පත්වූ රණවිරුවන් ද වූහ", ඔහු පැවසීය.

මේජර් ජෙනරාල් ගුණරත්න සිසුන්ගෙන් ඉල්ලා සිටියේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවී මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීමට රජයට සහාය දෙන ලෙසයි.

“මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට ඉඩ ඇති බැවින් ඒවා අත්හදා බලන්න එපා. මිතුරන් ඔබෙන් සමහර මත්ද්‍රව්‍ය අත්හදා බලන ලෙස ඉල්ලා සිටීමට ඉඩ නමුත් එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

ධර්මපාල විද්‍යාලය 1942 දී ආරම්භ කරන ලද අතර එය බොහෝ හමුදා සාමාජිකයින් බිහිකළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බෞද්ධ මිශ්‍ර පාසලකි.