යුද්ධ හමුදාපතිට එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය

පෙබරවාරි 14, 2020

යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්  හට  ගමන් තහනම් පැනවීමට දැඩි ලෙස විරුද්ධ වන අතර, තහවුරු නොකරන ලද තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර ගැනීමට සහ එම තීරණය සමාලෝචනය කරන ලෙස රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත.
 
ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පවුලේ සාමාජිකයින් හට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර ඇති බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්  මීට සුළු මොහොතකට පෙර  නිවේදනය කර ඇත.
 
ස්වාධීනව තහවුරු නොකළ තොරතුරු මත පදනම්ව  එක්සත් ජනපද රජය විසින් යුද්ධ හමුදාපතිට සහ පවුලේ සාමාජිකයින්ට සංචාරක සීමා පැනවීම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය දක්වයි.