රැඩිකල්කරනය, ආගමික අන්තවාදය සහ අනෙකුත් අනාගත තර්ජනයන්ට මුහුණ දීම සඳහා රජය හොඳ සුදානමක් හා අවධානයක් යොමු කර ඇත - ආරක්ෂක ලේකම්

පෙබරවාරි 29, 2020

රැඩිකල්කරනය වීම, ත්‍රස්තවාදය යලි ඉස්මතු වීම, බෙදුම්වාදය, ආගමික අන්තවාදය, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම හා වැඩ වර්ජන වැනි අභ්‍යන්තර කැළඹීම් ප්‍රධාන අභියෝගයන් වන අතර රජය, රටේ ජාතික අරක්ෂාව තහවුරු කිරීම සඳහා   හොඳ සුදානමක් හා අවධානයකින් පසුවන වන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේය.

“මෑත අතීතයේ දී මෙවැනි රැඩිකල්කරනයන් මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව සමත් විය. කෙසේ වෙතත් වර්තමාන ප්‍රවණතාවය අනුව, දේශපාලන-ආගමික රැඩිකල්කරනය තුලින් මෙහෙයවූ පාස්කු ඉරිදා ප්‍රහාරය රැඩිකල්කරනය පිලිබඳ සැලකිලිමත් වන සියලු අංශයන්ගේ අවධානයට  යොමු  විය යුතු” බව ප්‍රකාශ කල ඔහු පවත්නා අන්තර්ජාතික අන්තවාදය  නියත වශයෙන්ම  රට තුල පවතින  ආගමික අන්තවාදයට සෘජුවම බලපාන බව පැවසීය.

ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කලේ වසර 10 කට පසු, වෙහෙස මහන්සියෙන් උපයා ගත් සාමය විනාශ කිරීමේ සැලසුමකට ඇතැම් සමාජ විරෝධී හා ශ්‍රී ලංකා විරෝධී කොටස් ලගා වී ඇති බවත්, ජනවාර්ගික බෙදීම් අතර අවිශ්වාස හැඟීම් ඇති කරමින් අන්තර්ජාතික අන්තවාදය සහ ත්‍රස්තවාදය ජාත්‍යන්තර දේශසීමා වේගයෙන් තරණය කරමින් රට තුලට  පැමිණීමට ආසන්නව සිටින  බවයි.

පසුගියදා  කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති සමාජ මාධ්‍ය වෘත්තීය සංසදයේ වෘත්තිකයින් නියෝජනයක් අමතමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා කියා සිටියේ ත්‍රස්තවාදය යළිත් මතුවීම අනාගතයේ දී ඇතිවන  තර්ජනයක් නොවන නමුත් රජය එය වැලැක්වීමට කිරීමට පියවර ගනිමින් සිටින බවත්ය.

එල්ටීටීඊ හිතවාදී අංශ

රට තුළ සහ විදේශයන්හි සිටින එල්ටීටීඊ හිතවාදීන් ගැටලු නිර්මාණය කිරීමට උත්සාහ කළත්, ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට කිසිදු තර්ජනයක් ඇති කිරීමට නොහැකි වන අතර, සියලුම ජනවාර්ගික, ආගමික හා සංස්කෘතික ආයතනවලට එකලෙස ගරු කරන වර්තමාන ශ්‍රී ලංකා සන්දර්භය තුළ බෙදුම්වාදය සඳහා ගැටුම් අපේක්ෂා කළ නොහැකිය.

මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රකාශ කලේ, ජනවාර්ගික බෙදීම් අතර අවිශ්වාස හැඟීම්  ඇති කරමින් වෙහෙස මහන්සියෙන් උපයා ගත් සාමය විනාශ කිරීමට ඇතැම් සමාජ විරෝධී හා ශ්‍රී ලංකා විරෝධී කොටස් ආසන්න වී ඇති බවත්, පවත්නා අන්තර්ජාතික අන්තවාදය  නියත වශයෙන්ම  රට තුල පවතින  ආගමික අන්තවාදයට සෘජුවම බලපාන බවත් ය.

ආගමික අන්තවාදය අද ලෝකයේ තවත් කරුණක් ලෙස සැලකිල්ලට ගනිමින් ඔහු ප්‍රකාශ කලේ, රැඩිකල් අන්තවාදයේ අන්තර්ජාතික ස්වරූපය සහ හැකියාව, ලොව ප්‍රධාන නගර වන නිව්යෝක්, පැරිස්, ලන්ඩන් හා නවසීලන්තය, ශ්‍රී ලංකාව වැනි රටවල් තුල Islamic State of Iraq and the Levant (ISIL) ත්‍රස්තවාදීන් විසින් ඇති කල  සිද්ධි මගින් පෙන්වන අතර එය කිසිදා නිම නොවන භයානක තත්වයකට හා අනාරක්ෂිත භාවයකට ලෝකය ඇද  දමා  ඇති බවයි.

සංවිධානාත්මක අපරාධ

ආණ්ඩුව හා රටවැසියන් අතර ඇති සම්බන්ධතාව අඩපණ කිරීම උදෙසා සංවිධානාත්මක අපරාධ සෘජුව හා වක්‍රව සමාජයේ සියලු අංශවලට බලපාන්නේ කෙසේද යන්න අවධානයට ලක් කල ආරක්ෂක ලේකම්වරයා රටේ සියලුම ජාතික ආරක්ෂක ආයතනවල නිසි, කාලෝචිත හා ගැලපෙන  සේවා නියුක්තියක් ඇති කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව පැවසීය.

කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ සිවිල් නොසන්සුන්තාවයන් ආර්ථික පාඩුවලට  හේතු වන වෙනත් කාරණා ලෙස සඳහන්කල අතර එවැනි ක්‍රියා ඇතැම් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය කළ යුතු න්‍යාය පත්‍ර නොවන බවද ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වී ඇති බවත්, සිරකරුවන් පිටුපස සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවත් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

“කෙසේ වෙතත්, එවැනි ක්‍රියාකාරකම් සීමා කිරීමට පියවර ගෙන ඇති අතර  ඇතැම් ක්ෂේත්‍ර තදින්ම මෙම ක්‍රියාවලියට සම්බන්ධ වීම අවශ්‍ය වෙනවා. වර්තමාන අවශ්‍යතාවයට සරිලන ලෙස, සංකීර්ණ ආරක්‍ෂණ පරිසරය තුළ තරඟ කිරීමට, වළක්වා ගැනීමට සහ ජය ගත හැකි වන ලෙස වඩා හොඳ අන්තර් ක්‍රියාකාරිත්වයකින් යුත් වඩාත් ඒකාබද්ධ දැක්මක්   ඇතිව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”. ඔහු පැවසීය.

නිර්මාණාත්මක ප්‍රවේශයේ අවශ්‍යතාවය

සැලකිය යුතු පරිමාණයකින් මුලපිරීම් සඳහා නිර්මාණාත්මක ප්‍රවේශයක අවශ්‍යතාවය ඉල්ලා සිටින බවත්, “ඵලදායී තිරසාර ආයෝජනයක් ලගා කර ගත හැකි වන්නේ  විනයගරුකව ක්‍රියාත්මක වීමක් තුලින්  පමණයි” ඔහු පැවසුවේය.  

රජය සතුව හමුදාමය හා සිවිල් බලයන් යොදා ගනිමින් සකස් කරගත් ඒකාබද්ධ ආරක්ෂක සැලැස්මක් ඇති බවත්, සිවිල් අයවලුන් සමග  හමුදාවන් යොදවා ආපදා තත්ත්වයන්, සේවක වැඩ වර්ජන සහ සිවිල් නොසන්සුන්තාවන් අවම කිරීම සඳහා අවශ්‍ය නම් පෙරමුණ ගැනීමටත් හැකියාව රජය සතුව ඇති බවත් මේජර් ජෙනරාල් ගුණරත්න අවධාරණය කළේය.    

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුග්‍රහය යටතේ වැදගත් පාර්ශවකරුවන් සමඟ ප්‍රතිසංවිධානය වීමෙන්  මෙම දැවැන්ත කාර්යය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයට හැකිය” යනුවෙන් ඔහු පැවසීය.