වහාම පොලිසියේ ලියාපදිංචි වන ලෙස නිරෝධායන ක්‍රියාවලිය මගහැර ගිය ශ්‍රී ලාංකික මගීන්ගෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී

මාර්තු 17, 2020
  • ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 170 කට වැඩි පිරිසක් නිරෝධායනය මග හරී  
  • පොලිසියේ ලියාපදිංචි වීමෙන් වළකින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ

මාර්තු 1 සිට 15 දක්වා එක්සත් රාජධානිය, ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව ඇතුළු යුරෝපීය රටවලින් පැමිණි සියලුම ශ්‍රී ලාංකිකයින් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙස හෝ පොලිසියට දැනුම් දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී.

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඔවුන්ගේ සහය පතමින්  කියා සිටියේ කොරොනා වයිරස් රෝගයෙන් රටේ ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා මෙය සිදුකළ බවයි.

“කොරියාවේ සහ ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණි මගීන් 170 කට වැඩි පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට සහභාගී වීමකින් තොරව සිය පවුල් සමඟ ජීවත් වෙනවා. පූර්වාරක්‍ෂක පියවරක් විදිහට, කොරෝනා වයිරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන්ගෙන් ආසාදිත රෝගීන් හඳුනාගැනීමට පරීක්‍ෂණ ක්‍රියාවලියට ඔවුන්ව ඇතුළත් කළ යුතුයි.” ඔහු පැවසීය.

දින 14 නිරෝධායන ක්‍රියාවලියකට භාජනය නොවූ අය 119 අමතා ඔවුන්ගේ තොරතුරු පොලීසියට දැනුම් දිය යුතුය.

“කොරෝන වෛරසයෙන් පීඩාවට පත් රටවලින් පැමිණි නිරෝධායන මග හැර සැඟවි සිටින මගීන්, ඔවුන්ට ගෘහස්ථව රැඳී සිටීමෙන් තම නිවෙස්වල නිරෝධායනය වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා ඔවුන්ගේ තොරතුරු අදාල ප්‍රදේශවල සිටින පොලිසියට සහ ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන්ට ලබාදිය යුතුයි” ආරක්‍ෂක ලේකම් පැවසුවේය.

කොරෝනා වයිරසයෙන් ආසාදිත රටවලින් පැමිණි පුද්ගලයින් තමන් එක්සත් රාජධානිය, කොරියාව, ඉරානය සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලින් ආපසු පැමිණි බව ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන ලෙස මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ඉල්ලා සිටියේ ජනතාව මෙය පැතිරීම වැලැක්වීම සඳහා රජය දරණ උත්සාහයට සහාය දීම අවශ්‍ය බව පවසමිනි.

“ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන නොයනු ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහාය ඇතිව ඔවුන්ගේ නිවෙස්වල නිරෝධයනය සිදු කරනවා” ඔහු සහතික විය.

ඔවුන් තවදුරටත් එම ඉල්ලීමට අවනත නොවන්නේ නම්, ඔවුන්ට එරෙහිව පොලිසිය විසින් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිමය පියවර ගනු ඇත.