MIDAS Safety සමාගම COVID - 19 ට එරෙහිව භාවිතා කල හැකි අත්වැසුම් 52,000 ක් පරිත්‍යාග කරයි

මාර්තු 17, 2020

අවිස්සාවේල්ලේ  MIDAS Safety Group හි ප්‍රයිම් පොලිමර් අංශය  COVID - 19 ට එරෙහිව  ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙහෙයුම් වලට සහාය වෙමින් අද (මාර්තු 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී සංකේතාත්මකව අත්වැසුම් තොගයක් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත භාර දුන්නේය.

එම අවස්ථාවේදී  ප්‍රයිම් පොලිමර් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලින් ජයවීර විසින් ආරක්‍ෂක ලේකම් වෙත අත්වැසුම් යුගල 52,000 ක් ලබා දෙන  ලදි.  

මේ අතුරින් අත්වැසුම් 50,000 ක් වෛද්‍ය වෘත්තිකයින් සඳහා වන අතර, අනෙක් 2,000 සාමාන්‍ය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වේ.  

මෙම පරිත්‍යාගය සිදුකල සමාගමේ අරමුණ වන්නේ වෛරසයට එරෙහිව සටන් කිරීමට හමුදාවට පූර්ණ සහයෝගය ලබාදීමයි.  

මෙම රබර් අත්වැසුම් පරිත්‍යාගය ත්‍රිවිධ හමුදාවට කොරෝනා වෛරසය පැතිරීමට එරෙහිව සටන් කිරීමේදී ඉතා ප්‍රයෝජනවත් වනු ඇති අතර එමගින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරනු ඇත.  

මෙම අවස්ථාවට MIDAS Safety කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වුහ.