මහජනතාවගේ ගමන් බිමන් සීමා කිරීම සඳහා නැවත ඇදිරි නීතිය පැනවේ - වැඩබලන පොලිස්පති සී. ඩී . වික්‍රමරත්න

මාර්තු 23, 2020
  •  ඇදිරි නීතිය සිකුරාදා දක්වා දීර්ඝ කර ඇත

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර කොළඹ , ගම්පහ , පුත්තලම දිස්ත්‍රික්කවල සහ උතරු පළාතේ බලපැවත්වෙන පොලිස් ඇදිරි නීතිය හෙට (මාර්තු 24) දින උදැසන 6.00 ට ඉවත් කර නැවත දහවල් 12.00 ට පැනවීමට නියමිතය. එසේ පැනවෙන ඇදිරි නීතිය සිකුරාදා (මාර්තු 27) දින උදැසන 6.00 දක්වා ක්‍රියාත්මක වේ .

සෙසු ප්‍රදේශවලට අද (මාර්තු 23) දහවල් 2.00 ට පනවන ලබන ඇදිරි නීතිය බ්‍රහස්පතින්දා (මාර්තු 26) දින උදැසන 6.00 දක්වා ක්‍රියාත්මක වන අතර එදින දහවල් 12.00 ට නැවත ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.

වැඩබලන පොලිස්පති සී. ඩී . වික්‍රමරත්න ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ   COVID 19 වයිරසය පැතිරීම අවම කිරීම සඳහා නිරෝධායන  හා රෝග නිවාරණ අණ පනතේ රේගුලාසි සහ විධිවිධාන උල්ලංඝනය වීම වැලැක්වීම සඳහා  නැවත ඇදිරි නීතිය පැනවීමට පියවර ගෙන ඇති බවයි .

ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ගොවිතැන් කටයුතු කරගෙන යාමට ඉඩ දී ඇති අතර සංචාරකයින් තැනින් තැනට ගෙන යාම තහනම් වන බව එම ප්‍රකශයේ  සඳහන්  වේ. කෙසේ වුවද සහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවලු ප්‍රවාහනය කිරීමට අවසර ඇත.