ඇඳිරි නීතියට අවනත වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී

මාර්තු 23, 2020

(Pictures by Sudam Gunasinghe and Shan Rambukwella)

 

  • පසුගිය පැය 48 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය  කිරීම් 1,754 ක්
  • COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා සංචාරයන්  සීමා කර ගෘහස්ථව සිටින්න

මහජන ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම පිණිස කොරෝනා  වෛරසය (COVID-19) පැතිරීම වැලක්විම සඳහා ජනතාවගේ එක් රැස් විම් හා ගමන් බිමන් සීමා කරමින් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  පැවසීය.
 
පසුගිය මාර්තු 20 වන දින සිට පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ආරක්ෂක හා සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කරන ලද මගපෙන්වීම්  හා උපදෙස් වලට අවනත වන ලෙසත් ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේය.

පසුගිය දින හතර තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,754 ක් සහ වාහන 447 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

කොරෝනා වයිරස් වසංගතය පැතිරීමට එරෙහිව මහජන ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව පියවරක් ලෙස ආරක්ෂක ලේකම් පැවසුවේ වෛරසය පැතිරීමේ අවදානම පාලනය කළ හැකි තත්වයක්  වන තෙක් ආරක්ෂක අමාත්‍යාංශය ව්සින් නැවත ඇඳිරි නීතිය පනවනු ඇති බවයි. මේ කාල සීමාව තුළ ගෘහස්ථව රැඳී සිටීමෙන් මෙයට සහාය දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“COVID -19 පැතිරීම පාලනය කිරීම සඳහා අපි සමාජ දුරස්ථභාවය අනුගමනය නොකරන්නේ නම් වෛරසය පැතිරීම පාලනය කිරීම අපහසුය”. මේජර් ජෙනරාල් ගුණරත්න පැවසිය.

පොලිස්‌ ඇඳිරි නීතිය පැනවීම අතරතුර අත්‍යවශ්‍ය සේවාවන්ට අනුයුක්තව සිටින රාජ්‍ය සේවකයන්ට තම ආයතනවලට වාර්තා කිරීම සඳහා  ඔවුන්ගේ සේවා හැඳුනුම්පත අවසරපතක් ලෙස භවිතා කළ හැකි බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

යාපනයේ සිදුවීමක් හේතුවෙන් වන්නි මන්නාරම, වව්නියා, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්ක පහ තුළ පැනවු ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ  කරන ලද බව ඔහු පැවසීය.

“මුළු දිස්ත්‍රික්කයේම ඇඳිරි නීතිය පැනවීමට අපි මෙම හදිසි තීරණය ගත්තේ එම දිස්ත්‍රික්කවල ජනතාව අතර වෛරසය පැතිරීම වැළැක්වීමට රජයට අවශ්‍ය නිසාය. වන්නි හි සිටින ජනතාවගෙන් මා  නිහතමානීව  ඉල්ලා සිටින්නේ  ඇඳිරි නීතිය  අතරතුර ගමන් බිමන් සීමා  කරන ලෙස  සහ ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටීන ලෙසයි “.මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේය.

මිලියන 22 ක ජනගහනයක් වෙසෙන රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ සෞඛ්‍යයට කොරොන වයිරසයෙන් ඇති විය හැකි අවදානම නොතකා කටයුතු කරමින් සිටින බව ආරක්ෂක ලේකම් පැවසීය.

“මහජනයා වගකීමෙන් යුතුව කටයුතු නොකරන්නේ නම්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු සියලුම ආයතන විසින් කරනු ලබන වෙහෙසකර වැඩ අපතේ යන අතර සමස්ත ජනතාවම අනතුරේ වැටීමට ඉඩ ඇත” ඔහු අවධාරණය කලේය.

මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ ආරක්ෂක හමුදාවන් විසින් පිහිටුවන ලද නිරෝධායන මධ්‍යස්ථානවල 3,500 කට අධික පිරිසක්  සිටිති.

“මීට අමතරව, අපි පුද්ගලයන් 19,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයකට භාජනය වන ලෙස දන්වා සිටියා . සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ උපදෙස් අනුව නිවසේ රැඳී සිටිමින් කටයුතු කරන ලෙස මම මෙම පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනවා.” ඔහු පැවසුවේය.

අත්යවශ්ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ඇඳිරි නීතිය ඉවත් කරන  අවස්ථා වලදී  වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.