නිරෝධායනයට ලක්වූ දෙවන කණ්ඩායම අද තම නිවෙස් බලා පිටත්වෙයි

මාර්තු 25, 2020

කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ විදෙස් රටවල සිට මෙරටට පැමිණි 201 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම අද (මාර්තු 25)දින උදෑසන සිය නිවෙස් බලා පිටත් විය.   

ගාල්ල, කොළඹ, මහනුවර සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වූ ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දී ඇත.  

මීට අමතරව, ළදරුවන් සහ ළමුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් භට පිරිස් ඔවුන් හට කෙටි ආහාර, ජලය සහ දිවා ආහාර ලබාදෙන ලදි.