දානපතියින්ගේ අනුග්‍රහයෙන් වියළි සලාක අවශ්‍යතා ඇති අය අතරේ බෙදා දෙයි.

මාර්තු 26, 2020

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා රජය පනවා ඇති ඇඳිරි නීති කාලය තුල අවශ්‍යතා සහිත පවුල් සඳහා උපකාර කිරිමේ රජයේ ව්‍යාපෘතියට සහාය දක්වමින්, කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී (දෛනික වැටුප් උපයන්නන්) පවුල් අතර බෙදාදීම පිණිස දානපති පිරිසක් විසින් වියළි සලාක පාර්සල් 85 ක් භාර දෙන ලදි.  

මෙම පරිත්‍යාගය අද (මාර්තු 26) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් නිල වශයෙන් පිළිගන්නා ලදි.  

කොළඹ සියලුම ජනවාර්ගික ප්‍රජාවන් නියෝජනය කරන බොහෝ පුද්ගලයින්ගේ දායකත්වය තුළින් මෙම පරිත්‍යාගය සිදුකිරීමට හැකි විය.  

“රට තුල උද්ගතවී ඇති අර්බුදකාරි තත්ත්වය හේතු කොට ගෙන මෙම ගෝලීය වෛරස් වසංගතය තුරන් කිරීමට රජය විසින් ගන්නා උත්සහායට අප සහාය විය යුතු බව අපට හැඟුණි. කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගමන් බිමන් යාමට නොහැකි නිසා අපහසුතාවයට පත්ව සිටින දෛනික වේතනයන් මත යැපෙන පවුල් සඳහා ආධාර කිරිම අපගේ වගකීම බව සිවිල් සාමාජයන් වශයෙන් අපි තේරුම් ගෙන සිටිමු”, ඔවුන් පැවසීය.  

මෙම සංගමය විසින් මීට ඉහත ද එකක් රු. 2500.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 625 ක් කොළඔ අවශ්‍යතා සහිත පවුල් වෙත බෙදා දෙන ලදි.