ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනීතා ඒකකය මඟින් සුළු සේවක කාර්ය මණ්ඩලය සඳහා වියළි ආහාර බෙදා දෙයි.

මාර්තු 26, 2020

අමාත්‍යාංශයීය සේවා වනීතා  ඒකකයේ සභාපතිනි ගරු චිත්‍රාණි ගුණරත්න මහත්මිය විසින් වියළි ආහාර සලාක මල්ලක් බැගින් දානපතියින්ගේ අනුග්‍රහය යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු සුළු සේවක කාර්ය මණ්ඩලය   වෙත බෙදා දෙනු ලැබීය.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් රට තුළ මේවන විට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පවුල්වලට උපකාර කිරිමේ රජයේ උත්සහයට සහාය දක්වමින් දානපතියන් කණ්ඩායමක් විසින් මෙම වියළි ආහාර පරිත්‍යාග කරන ලදි.