මුල් පිටුව   ජීව දත්ත   ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය


මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු පස්වන ජනාධිපතිතුමාය. 2010 ජනවාරි 26 වන දා ජනාධිපතිවරණයෙන් දෙවන වරට පත්වීම තුළින්, ඔහු දෙමළ ඊලාම් කොටි සංවිධානයේ ත්‍රස්තවාදය රටින් තුරන් කළ හා ඉන් රට සාම මාවතටත්, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයකටත්, සීඝ්‍ර ආර්ථික සංවර්ධනයකටත් යොමු කළ ජාතික නායකයා ලෙස ඡන්දදායකයින් පිළිගත් බව පැහැදිලි විය.

මුල් යුගය

සහෝදරයින් හය දෙනකු සහ සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ලෙස මහින්ද රාජපක්ෂය උපත ලැබුවේ 1945 නොවැම්බර 18 වන දා දක්ෂිණ ශ්‍රී ලංකාවේ වීරකැටියෙහිදීය. මුල් වියේද සිටම සිංහළ බෞද්ධ සාම්ප්‍රදායයන් අනුව හැදුනු වැඩුණු ඔහු, දේශපාලනයට පිවිසි ඔහුගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ ඔහුගේ බාප්පා සහ ඥාතීන් ද මූලික අධ්‍යාපනය ලැබූ ගාලු පුරවරයේ රිච්මන්ඩ් විද්‍යාලයේ මූලික ඉගෙනුම ලැබුවේය. ඉන්පසු ඔහු කොළඹ නාලන්ද විද්‍යාලයේ සහ තර්ස්ටන් විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. පසුව, කොළඹ නීති විද්‍යා‍ලයේ නීතිය හදාරා නීතිඥවරයෙක් බවට පත්වීමට ඔහු සමත් විය.

1970 දී බෙලිඅත්ත ආසනයෙන් ශ්‍රී .ල.නි.ප. මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වන විට මහින්ද රාජපක්ෂ 24 හැවිරිදි තරුණයෙකි. තම පියා නියෝජනය කළ ආසනයම නියෝජනය කරමින් ඔහු එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා විය. 1977 සිට තංගල්ල නගරයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ ඔහු එතුළින් 1994 දී අමාත්‍යවරයෙකු ලෙස පත්වීම ලබනතෙක්ම ජනතාවගේ අවශ්‍යතාවයන් හා දකුණේ සංවර්ධන අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා සමීපව අවබෝධයක් ලබා ගත්තේය. 1977 දී තම මන්ත්‍රීධුරය අහිමි වුවද, 1989 දී පැවති මැතිවරණයේදී එම මන්ත්‍රීධුරය නැවත ලබාගත්තේය. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට නැවත පත්වුණු ඔහු 2005 දී විධායක ජනාධිපති ලෙස පත්වන තුරු එම තනතුර දැරුවේය.

ජනාධිපතිධුරය

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරයට පත් වූයේ හදිසියෙන් නොවේ. දශක ගණනාවක් පුරා ජනතාවට සේවය කර, තම දේශපාලන පක්ෂයට හා එහි නායකයින්ට අචල පක්ෂපාතිත්වයක් පෙන්නුම් කර සහ දිරිමත්ව දේශපාලනයේ කම් කටොළු වලට මුහුණ දෙමින් එම තනතුරට පත් විය.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරය දිනා ගත්තේ ත්‍රස්තවාදය තුරන් කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීමත් පොරොන්දු වූ, ‘මහින්ද චින්තන’ යන පුළුල් ජනතා හිතෛෂී ප්‍රතිපත්ති මාලාව පදනම් කරගෙනය. එහි ඇතලත් වූ දෑ අතර, ආර්ථික සහ සමාජීය ප්‍රශ්න වලට සමාජීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශ, නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍ය පහසුකම් යන සමාජ සුබසාධන ප්‍ර‍තිපත්ති නොකඩවා පවත්වාගෙන යාම, රාජ්‍ය සේවය පෞද්ගලීකරණය අත්හිටුවීම, යටිතල පහසුකම් වෙනුවෙන් සුවිශාල ලෙස කැප කිරීම, ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීම, පරිසරය සුරක්ෂිත කිරීම සහ සතුන්ට අවිහිංසාවෙන් සැළකීම වැනි සාම්ප්‍රදායික සාරධර්ම ඉදිරියට ගෙන යාම ද විය.

පවුල

මහින්ද රාජපක්ෂගේ භාර්යාව ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ වන අතර, ඔවුන්ට නාමල්, යෝෂිත සහ රෝහිත යන පුතුන් තිදෙනෙක් සිටී.