Monday, September 07, 2009

යුද්ධයෙන් පසුව කොළඹ නගරය ...

පුරා තිස් වසරක් පමණ කාලයක් මෙරට පැතිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මෑතදී අවසන්වුවද තව දුරටත් විදේශයන්හී ඉතුරු වී සිටින ත්‍රස්තවාදීන් සුළු පිරිසක් විසින් ශ්‍රී ලාංකික රජය මෙරට සිටින ද්‍රවිඩ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බව ලොවට ඒත්තු ගැන්වීම සඳහා විවිධ වංචනික හා අසත්‍ය ප්‍රචාර නිකුත් කරමින් සිටිති. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ලොව පුරා විසිරී සිටින ද්‍රවිඩ ජනතාව විසින් තවදුරටත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයට  අරමුදල් ලබාදීම ප්‍රති‍ක්ෂේප කර ඇති බැවින් මෙවැනි විවිධාකාර ක්‍රියාකාරකම් මගින් කෙසේ හෝ නැවතත් එම ජනයාගේ අනුකම්පාව හා අනුග්‍රහය ලබාගෙන තවදුරටත් තම  ජීවිත අධි සුඛොපභෝගීව පවත්වා ගෙන යාම සඳහා විය.

ඇත්ත වශයෙන්ම කිසිදු විමුක්තියක් ලබා ගත නොහැකි එල්. ටී. ටී. ඊ. මතවාදයට අනුකම්පාව හා අනුග්‍රහය දක්වමින් තමන්ගේම සහෝදර සහෝදරියන්ගේ සතුට නැතිකරමින් සිටින මෙවන් පිරිසක් ගැන ඇසීමත් කණගාටුවට කරුනකි. එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත ග්‍රහණයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි දස දහස් ගණන් අහිංසක ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගෙන, ශ්‍රී ලංකාව නව යුගයන් කරා ගමන් කරමින් සිටින ‍ෙමවන් අවස්ථාවක ලක් රජය විසින් එම සිවිල් වැසියනට සාමයෙන් හා සතුටින් ජීවත්වීම සඳහා අවශ්‍ය සෑම පහසුකම් සලසා දෙමින් සිටී. එනිසාම, අද ඔවුන් බියෙන් හා සැකෙන් තොරව නිදහසේ තම එදිනෙදා කටයුතු අවහිරයකින් තොරව පවත්වාගෙන යමින් නැවතත් සතුටින්, විනෝදයෙන් යුතුව තම ජීවිත ගතකිරීමට හුරු පුරුදු වෙමින් සිටිති.

ආරක්ෂක අමාත්‍යාංශයීය නිළ වෙබ් අඩවියේ නියෝජිතයන් විසින් මෑතකදී කොළඹ ප්‍රදේශයේ දමිළ ජනතාව නව නිදහසේ ප්‍රීතිය භුක්තිවිඳිමින් අනෙකුත් ජාතීන් සමග සමගියෙන් හ‍ා සහජීවනයන් ජීවත්වන ආකාරය නිරීක්ෂණය කරනු ලැබිණි.

SimpleViewer requires Adobe Flash. Get Adobe Flash. If you have Flash installed, click to view gallery.

Reproduction of  news items are permitted when used without any alterations to contents and the source.

| About Us | Publications | News & Events | Resources | Useful Links | Services | Defence Units |

2009 Ministry of Defence, Public Security, Law & Order - Democratic Socialist Republic of Sri Lanka. All Rights Reserved

Comments and suggestions to : Web Editor