විද්‍යුත් තැපෑල මුද්‍රණය ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 6/4/2019 9:39:42 AM ජනාධිපති තුමන්ගේ පසුගිය පුවත් - 2019

මාධ්‍ය නිවේදන - 2019


ත්‍රස්ත කණ්ඩායමට සහාය දැක්වූවකු අත්අඩංගුවට

[2019/06/01]

මරාගෙන මැරුණු බෝම්බකරුවෙකු වූ සහරාන් ගේ කල්මුනේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කල අයෙකු මීට දින කිහිපයකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ෂාහුල් හමීඩ් හමිස් මොහොමඩ් නොහොත් කල්මුනේ සියාම් නොහොත් හෙවත් අබු හසන් නමැත්තා පසුගිය 22 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ කර්මාන්ත කරුවන් දැනුවත් කිරීමේ මාධ්‍ය නිවේදනය

[2019/05/29]

රටෙහි පැවති ආරක්‍ෂක වාතාවරණය මත ආරක්‍ෂක මණ්ඩලය මගින් තාවකාලිකව අත්හිටුවන ලද පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇත.

තඹ කර්මාන්තශාලාවේ සේවකයන් පිළිබඳව වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට

[2019/05/28]

දැනට ඇප මත මුදා හරින ලද වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයින් නව දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ටාශය වෙත ලබා දීමට කටයුතු කර ඇත.

 

ISIS ත්‍රස්තවාදීන් 15 දෙනෙකු ඉන්දියාවට පලා යාම පිලිබඳ පුවත තවමත් තහවුරු වී නැත

[2019/05/27]

ISIS ත්‍රස්තවාදීන් 15 දෙනෙකු රැගත් බෝට්ටුවක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ලක්ශාදීප් දිවයින වෙත පලාගිය බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා පළකර තිබුනත්, අදාළ තොරතුර පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වනතෙක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවත්, ඒ කෙසේ වුවද අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සේවයේ නියුතු ...

 

පටු මානසිකත්වයකින් ක්‍රියාකරන්නන් හේතුවෙන් නොසන්සුන්කාරිව නොහැසිරෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි

[2019/05/25]

ත්‍රිකුණාමලය, කින්නියා හි කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී වැලි ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (මැයි 23) දින නාවික හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අසත්‍ය පුවත්පත් වාර්තාවක් පිලිබඳ පොලිස් විමර්ශන

[2019/05/24]

තව්හීඩ් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර සිංහල කතුන් 4000 කගේ පමණ වඳ සැත්කම් සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව සාක්‍ෂි ලැබී ඇති බවත්, එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් පුවතක් ඊයේ (මැයි 23) ජාතික පුවත්පතක මුල් පිටුවේ පලවිය.

 

වෙසක් සමයේ සාමකාමී වාතාවරණයක්

[2019/05/21]

වෙසක් සමය තුල දිවයිනේ ඉතා සාමකාමී වාතාවරණයක් පැවති අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් වී තිබිණි.

 

කලහකාරී තත්වයන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් උපරිම බලය යොදා ගනී

[2019/05/15]

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (මැයි 13) සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කඩිනම් පියවර ගන්නා ලද අතර ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් හමුදා කඳවුරු වල භටපිරිස් ඒ සඳහා යොදවන ලදී.

 

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවීම වැළැක්වීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවයි

[2019/05/14]

ඊයේ (මැයි 12) රාත්‍රී කාලයේ දී යම් පිරිසක් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට අලාබහානි සිදුකර ඇති අතර එම ක්‍රියාවන් වැලැක්වීම සඳහා එම ප්‍රදේශයට පොලිස් ඇදිරිනීතිය පනවන ලදී.

 

ආරක්ෂක අංශ විසින් මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇත

[2019/05/14]

පසුගිය අප්‍රේල් 21 වන දින සිට ගෙවුණු සති තුනක කාලය තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව රටතුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විශේෂිත මෙහෙයුම් සිදු ක්‍රියාත්මක කරන ලදී.

 

මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා උපරිමයෙන්ම කටයුතු කරයි

[2019/05/13]

සියලුම පාසල්වලට ආරක්‍ෂාව සැපයීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සිය උපරිමයෙන් කැපවී සිටි. මහජන ආරක්‍ෂාව සහතික කිරීම සඳහා උපරිම ආකාරයෙන් ක්‍රියාකර ඇති බැවින් බියෙන් සැකෙන් තොරව තම එදිනෙදා කටයුතු සිදුකරන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

කටුනායක ගුවන්තොටුපලේ පිවිසුමේ හා පිටවීමේ සීමා ලිහිල් කරයි

[2019/05/10]

2019 අප්‍රේල් මස 21 වන දින සිට ක්‍රියාත්මක කරන ලද ආරක්‍ෂක වැඩපිළිවෙළ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන හා ඉන් පිටත්වන මගින් හට මහත් අපහසුතාවයන්ට පත් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

 

සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්‍ෂණ

[2019/05/09]

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහමඩ් ඉබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පිත්තල කම්හලෙ හි හිමිකරු වේ.

 

අන්තවාදීන්ගේ පුහුණු කඳවුරු කිහිපයක් වටලයි

[2019/05/08]

අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් තම පුහුණු කටයුතු සඳහා භාවිතා කල බවට සැකකෙරෙන වාලච්චේන පොලිස් කොට්ඨාසයේ රිදීතැන්න ප්‍රදේශයේ අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක සඳුදා (මැයි 06) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත්කරන ලදී.

 

මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන තිබේ

[2019/05/07]

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙහෙස නොබලා කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා ඊයේ (මැයි 06) සවස අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

 

මාධ්‍ය නිවේදනය

[2019/05/07]

ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම අවස්ථා මාධ්‍ය ආවරණය සහ මාධ්‍ය මඟින් විකාශය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.

 

 

පාසල් ළමුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂක මෙහෙයුම්

[2019/05/06]

පසුගිය පැය 48 තුළ ආරක්ෂක අංශ විසින් පාසල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිය පූර්ණ අවධානය යොමු කර තිබේ.

 

 

ඉරිදා දින පාසැල් වටා විශේෂ සෝදිසි මෙහෙයුම්

[2019/05/05]

සඳුදා පාසල් යළි විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. රටේ සියලුම පොලිස් ස්ථාන සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිකුත් කර ඇත.

 

 

ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 කට ආසන්න පිරිසක් යොදවා ඇත

[2019/05/04]

පසුගිය පැය 48 ක කාලය දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 ක පමණ භට පිරිසක් යොදවා ඇත. මෙම මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ පමණක 10 000 කට වැඩි භටපිරිසක් යොදවා ඇත.

 

 

කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මකයි

[2019/05/03]

සයින්දමරුදු සිද්ධියේ මියගිය අයගේ මළ සිරුරු පොලිසිය විසින් වලදමයි.

 

සයින්දමරුදු සිද්ධියේ මියගිය අයගේ මළ සිරුරු පොලිසිය විසින් වලදමයි

[2019/05/03]

ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.

 

දැනට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකයි

[2019/04/30]

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් තව දුරටත් පවත්වාගෙන යන අතර රටෙහි ආරක්‍ෂාව තර කර තිබේ.

 

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

[2019/04/30]

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා කච්චතිව් පල්ලිය ඉදිකිරීමට ආධාර කළ ගෘහ නිර්මාණ ශිල්පියාගේම සේවය ලබා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන බැව් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳුදා (අප්‍රේල් 29) දින සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවතී මාධ්‍ය හමුවේ දී පැවසිය.

 

යුද හමුදා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මකයි

[2019/04/30]

මුළු රටම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අන්තවාදී ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරයි.

 

ප්‍රධාන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

[2019/04/29]

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මෙම සැකකරුවන්ගෙන් හත් දෙනෙකු කාන්තාවන් වේ.

 

ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපනය කෙරේ

[2019/04/29]

බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.

 

විශේෂ මාධ්‍ය නිවේදනය

[2019/04/27]

කිසිදු ආකාරයකින් ජාතිවාදය අවුස්සන සුළු හෝ ජාතීන්/ආගම් අතර නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයේ හෝ අසමගිතාවයක් ගොඩනැගෙන ආකාරයේ හෝ ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ හෝ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන හෝ ප්‍රකාශයට පත් කරන පුද්ගලයින්, කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් දැනට බලපවත්වන හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය කිසිඳු තරාතිරමක් නොබලා, තදින් ක්‍රියාත්මක කරන බව මහජනතාව වෙත දන්වා සිටිමි.

 

ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර

[2019/04/27]

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath - NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

 

ආරක්‍ෂක අංශ හා ආරක්‍ෂිත නිවාසය තුළ සිටි ත්‍රස්තවාදීන් අතර ඇතිවු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත

[2019/04/27]

යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් සමඟින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්ව කල්මුණ නින්දවූර් ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරික්‍ෂා කිරිමට යන අවස්ථාවේදි එම නිවස තුළින් වෙඩි ප්‍රහාරයක් සහ පිපිරිමක් සිදුවී ඇති අතර සිකුරාදා (26) දින සවස ආරම්භ කළ මෙම සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව සෙනසුරාදා (27) දින උදෑසන එම පිපිරිම සිදුවී ඇති ස්ථානය වෙත ලගා වීමට ආරක්‍ෂක අංශවලට හැකියාව ලැබී ඇත.

 

ප්‍රති ප්‍රහාරයන් වලදී තුවක්කුකරුවන් දෙදෙනෙකු මරුට

[2019/04/27]

පොලිස් නිලධාරීන් සමඟ එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිකුරාදා (26) දින සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර නින්දවූර් සහ සහින්දමරදු ප්‍රදේශයන් වලදී ඇතිවූ වෙඩිතබිගැනීම හේතුවෙන් මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මධ්‍යම රාත්‍රිය පුරාවටම එම ප්‍රදේශය තුළ ආරක්‍ෂක මුරකාවල් යොදවනු ලැබීය.

 

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිවයින පුරා පුළුල් සෝදිසි මෙහෙයුම් අරඹයි

[2019/04/27]

හදිසි නීති රෙගුලාසි තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාවට පැවරි ඇති බලතල වලට අනුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

 

පොදු සමා කාලය තුළ සේවය හැරගොස් සිටි බොහෝ පිරිසක් භාරවෙති

[2019/04/27]

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ අප්‍රේල් මස 22 දින සිට 25 දින දක්වා දින හතරක කාලසීමාව තුළ නිලධාරීන් 2 නෙකු ඇතුළු යුද්ධ හමුදා සෙබළුන් 2882 දෙනෙකුන් යුද්ධ හමුදාවෙන් ඉවත් වීම සඳහා වාර්තා කර ඇත.

 

මාධ්‍ය නිවේදනය (ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය)

[2019/04/26]

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම හේතු කොටගෙන මහජනයා කලබලයට පත්වන සිද්දීන් ගනණාවක් වාර්තා විය. වෙබ් අඩවි සහ ෆේස්බුක්, වට්ස්ඇප්, ටුවීටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහාද මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්දයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටි.

 

මාධ්‍ය නිවේදනය

[2019/04/25]

පසුගිය පාස්කු ඉරිදා (21) දින සිදු වූ අනපේක්ෂිත හා අවාසනාවන්ත සිදුවීමෙන් පසු අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ ආරක්ෂක වැඩසටහනින් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත්...

 


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2007 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ