ආරක්ෂක අමාත්‍යාංශය
 

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයේ වාර්තාව සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනපති පවසයි

[2019/04/30]

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්‍ෂණ මණ්ඩලයේ වාර්තාව ලැබීමත් සමඟ එම තොරතුරු සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනාධිපතිතුමා පවසයි.

දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති මැයි දින සැමරුමේ දී අවධාරණය කරයි

[2019/05/01]

අප්‍රේල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

 

 

ජනාධිපති තුමාගේ මැයි පණිවුඩය

[2019/05/01]

සිය දෛනික සේවා කාලය පැය අටකට සීමා කරන්නැයි ඉල්ලා කළ අරගලයේදී තම ජීවිතයෙන් වන්දි ගෙවූ උදාර කම්කරු පිරිසක් පිළිබඳ මතක පුරාවත රැව් දෙන දිනය අදයි.

 

ආරක්‍ෂක අමාත්‍යංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

[2019/04/29]

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් අද (අප්‍රේල් 29) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්තුමන් ලෙස හිටපු හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා පත්කර ඇත.

 

දැනට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකයි

[2019/04/30]

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් තව දුරටත් පවත්වාගෙන යන අතර රටෙහි ආරක්‍ෂාව තර කර තිබේ.

 

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

[2019/04/30]

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා කච්චතිව් පල්ලිය ඉදිකිරීමට ආධාර කළ ගෘහ නිර්මාණ ශිල්පියාගේම සේවය ලබා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන බැව් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳුදා (අප්‍රේල් 29) දින සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවතී මාධ්‍ය හමුවේ දී පැවසිය.

 

යුද හමුදා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මකයි

[2019/04/30]

මුළු රටම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අන්තවාදී ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරයි.

 

ප්‍රධාන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

[2019/04/29]

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මෙම සැකකරුවන්ගෙන් හත් දෙනෙකු කාන්තාවන් වේ.

 

ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපනය කෙරේ

[2019/04/29]

බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.

 

මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම හෙට සිට තහනම් කිරීමට පියවර‍

[2019/04/29]

ජාතික හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

 

පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් පැවති ආගමික වැඩසටහනට ජනපති එක්වෙයි

[2019/04/28]

පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (28) පෙරවරුවේ එක් විය.

 

විශේෂ මාධ්‍ය නිවේදනය

[2019/04/27]

කිසිදු ආකාරයකින් ජාතිවාදය අවුස්සන සුළු හෝ ජාතීන්/ආගම් අතර නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයේ හෝ අසමගිතාවයක් ගොඩනැගෙන ආකාරයේ හෝ ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ හෝ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන හෝ ප්‍රකාශයට පත් කරන පුද්ගලයින්, කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් දැනට බලපවත්වන හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය කිසිඳු තරාතිරමක් නොබලා, තදින් ක්‍රියාත්මක කරන බව මහජනතාව වෙත දන්වා සිටිමි.

 

ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර

[2019/04/27]

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath - NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

 

ආරක්‍ෂක අංශ හා ආරක්‍ෂිත නිවාසය තුළ සිටි ත්‍රස්තවාදීන් අතර ඇතිවු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත

[2019/04/27]

යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් සමඟින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්ව කල්මුණ නින්දවූර් ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරික්‍ෂා කිරිමට යන අවස්ථාවේදි එම නිවස තුළින් වෙඩි ප්‍රහාරයක් සහ පිපිරිමක් සිදුවී ඇති අතර සිකුරාදා (26) දින සවස ආරම්භ කළ මෙම සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව සෙනසුරාදා (27) දින උදෑසන එම පිපිරිම සිදුවී ඇති ස්ථානය වෙත ලගා වීමට ආරක්‍ෂක අංශවලට හැකියාව ලැබී ඇත.

 

ප්‍රති ප්‍රහාරයන් වලදී තුවක්කුකරුවන් දෙදෙනෙකු මරුට

[2019/04/27]

පොලිස් නිලධාරීන් සමඟ එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිකුරාදා (26) දින සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර නින්දවූර් සහ සහින්දමරදු ප්‍රදේශයන් වලදී ඇතිවූ වෙඩිතබිගැනීම හේතුවෙන් මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මධ්‍යම රාත්‍රිය පුරාවටම එම ප්‍රදේශය තුළ ආරක්‍ෂක මුරකාවල් යොදවනු ලැබීය.

 

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිවයින පුරා පුළුල් සෝදිසි මෙහෙයුම් අරඹයි

[2019/04/27]

හදිසි නීති රෙගුලාසි තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාවට පැවරි ඇති බලතල වලට අනුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

 

පොදු සමා කාලය තුළ සේවය හැරගොස් සිටි බොහෝ පිරිසක් භාරවෙති

[2019/04/27]

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ අප්‍රේල් මස 22 දින සිට 25 දින දක්වා දින හතරක කාලසීමාව තුළ නිලධාරීන් 2 නෙකු ඇතුළු යුද්ධ හමුදා සෙබළුන් 2882 දෙනෙකුන් යුද්ධ හමුදාවෙන් ඉවත් වීම සඳහා වාර්තා කර ඇත.

 

මාධ්‍ය නිවේදනය (ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය)

[2019/04/26]

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම හේතු කොටගෙන මහජනයා කලබලයට පත්වන සිද්දීන් ගනණාවක් වාර්තා විය. වෙබ් අඩවි සහ ෆේස්බුක්, වට්ස්ඇප්, ටුවීටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහාද මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්දයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටි.

 

ත්‍රස්තවාදී සැකකරුවන් හඳුනාගැනීම සඳහා ජනතාවගෙන් සහය ඉල්ලයි

[2019/04/26]

පාස්කු ඉරිදා (21) දින කොළඹ හා අනෙකුත් ස්ථානවලට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ වූ පුද්ගලයින් හයදෙනා හඳුනාගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහය ඉල්ලා සිටියි. ඒ පිළිබඳ යම් තොරතුරක් ඇතිනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දිය හැකිය.

 

මාධ්‍ය නිවේදනය

[2019/04/25]

පසුගිය පාස්කු ඉරිදා (21) දින සිදු වූ අනපේක්ෂිත හා අවාසනාවන්ත සිදුවීමෙන් පසු අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ ආරක්ෂක වැඩසටහනින් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත්...

 

ජනපති ප‍්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුව රැස් වේ [2019/04/25]

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇතුළු ලෝක නායකයන්ගෙන් ජනපතිට දුරකථන ඇමතුම් [2019/04/25]

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය අමතා සිදු කළ විශේෂ ප‍්‍රකාශය (2019-04-23 වන දින) [2019/04/24]

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා හැකි ඉක්මනින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවට ජනපති විශ්වාසය පළ කරයි [2019/04/23]

හදිසි තොරතුරු සඳහා හමුදා මූලස්ථානය අමතන්න [2019/04/23]


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ