:: ඉතිහාසය

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය 1997 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ කරන ලදි. ආරම්භක කම්ටුවේ ගරු සභාපතිනිය ලෙස රමණී රත්වත්තේ මහත්මිය කටයුතු කළ අතර එදා සිට 2006 වසර දක්වා පත් වූ ගරු සභාපතිවරියන්ගේ උපදෙස් මත සේවා වනිතා ඒකකයේ සුභ සාධන කටයුතු සිදු විය. 2006 වසරේ පත්වූ ගරු සභාපතිනිය වන  අයෝමා රාජපක්ෂ මහත්මියගේ අධීක්ෂණය හා මග පෙන්වීම මත දැනට සාර්ථකව සේවා වනිතා ඒකකය කටයුතු සිදු වෙමින් පවතී. විශේෂ කරුණක් පිළිබඳ තීරණයක් ගැනීමට නොමැති නම් මසකට වරක් කාරක සභාව රැස් වන අතර එහිදී ගනු ලබන තීරණ අවසාන තීරණය වේ. කමිටුව විසින් සිදු කරනු ලබන සියලු කාර්යයන් සඳහා ගරු සභාපතිනියගේ අනුමැතියෙන සිදු කෙරේ.


:: අපගේ මෙහෙවර

මිනිසත් බව පිරි ඒකීය දේශයක් උදෙසා කැප වන ලක්මාතාවගේ දුවා දරුවන්ට පහන් ටැඹක් සේ මග දක්වන පුරෝගාමී සේවා වනිතා ඒකකය වීම


:: අපගේ අරමුණු

සමස්ත ලාංකීය කාන්තා පරපුරේ අභිවෘද්ධිය සහ සංවර්ධනය උදෙසාත්, සමස්ත රට තුල කාන්තා නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය මාරගෝපදේශය හා නායකත්වය ගැනීම හා ඒ සඳහා මෙහෙයවීම.

අමාත්‍යාංශයේ සේවය කරන සියලු නිළධාරීන්ගේ සහ නිළධාරිනියන්ගේ සුභ සාධනය, අභිවෘද්ධිය හා සංවර්ධනය උදෙසා විවධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමT

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවා වනිතා ඒකකයන්ගේ ක්‍රියාකාරීත්වයට සහ සංවර්ධනයට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දීම.

මව් ආයතනය ලෙස ක්‍රියාත්මක වෙමින් ත්‍රිවිධ හමුදා සහ පොලිස් සේවා වනිතා ඒකක මගින් රණවිරු පවුල් වල ඉටු කරනු ලබන සුභ සාධන කටයුතු සංවිධානය කිරීම.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ආබාධිත වූ සහ මිය ගිය අයගේ ළඟම ඥාතීන්ට නිවාස තනා ගැනීමට නිවාස ණය ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීම.

 

 සංඥා බළකායේ සාමාජිකයෙකු වන කෝප්‍රල් පුෂ්පකුමාර රණවිරුවාගේ අඩක් නිම කර ඇති නිවසේ වහලය සාදා ගැනීම සඳහා රුපියල් 50,000.00 ක මුදලක් පරිත්‍යාග කිරීම


ආබාධිත රණ විරුවන් වෙනුවෙන් රෝද පුටු 350 කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට මෙම වැඩපිළිවෙලිහි පළමු අධියර ලෙස රෝද පුටු 150 ක් පරිත්‍යාග කිරීම


කෘතිම පාදයක් ලබාගැනීම සඳහා ලාන්ස් කෝප්‍රල් පුෂ්ප කුමාර රණවිරුවා හට රුපියල් 40,000 ක වටිනාකමකින් යුතු චෙක්පතක් පරිත්‍යාග කිරීම

 

 
 
:: නිල මඩුල්ල

වැදගත් සිදුවීමි »




© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : වෙබ් කතෘ