කුරුණෑගල මලියදේවයෙන් ආදිශිෂ්‍ය රණවිරුවන්ට උපහාර
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පතිතුමන්,
ආදි ශිෂ්‍යයන් හා විද්‍යාලීය සිසු දරුවන් එක්ව සංවිධානය කළ එම
විද්‍යාලීය ආදිශිෂ්‍ය රණවිරුවන් සඳහා වන උපහාර උළෙලක් (ජූලි 17)
දින
මලියදේව විද්‍යාල භූමියේදී පැවැත්විය.
මෙම උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික
ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි විය. එහිදී මෙම අවස්ථාවට සහභාගි වන
මෙන් කළ ආරාධනය පිළිබඳ සිය විශේෂ ස්තූතිය මලියදේව විද්‍යාලීය
විදුහල්පතිතුමන් වෙත පුද කළ ආරක්ෂක ලේකම්තුමන් පැමිණ සිටි පිරිස
අමතමින් මෙසේ සිය අදහස් පළකර සිටියේය.
ආරක්ෂක සේවය සඳහා දැනට වැඩිම නිලධාරීන් පිරිසක්
දායාද කර ඇති මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා යුද හමුදාවේ
මේජර් ජෙනරාල් ධූරයට පත් වූ නිලධාරීන්ගේ සංඛ්‍යාව 08 දෙනෙකි. මෙය
මෙම විද්‍යාලයේ වර්තමාන ශිෂ්‍යයන්ට ද ආඩම්භර වියහැකි කාරණයක් බවට
ආරක්ෂක ලේකම්තුමන් සභා ගැබ අමතා කරන ලද කථාවේදී විශේෂයෙන් සඳහන්
කරන ලදී. තවදුරටත් අදහස් දක්වමින් එතුමන් සඳහන් කළේ, මලියදේව
විද්‍යාලය පිහිටා ඇති මෙම වයඹ පළාත ආරක්ෂක සේවයට වැඩිම නිලධාරීන්
පිරිසක් දායාද කළ පළාත ද වන බවයි.
වසර 30 කට අධික කාලයක් පුරා පැවැති ත්‍රස්තවාදය
තුරන් කර අප මේ ලද ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූයේ රණවිරුවන්ගේ
ජීවිත පරිත්‍යාග හේතුවෙන් බවත් එසේම මෙම මානුෂීය මෙහෙයුම් හේතුවෙන්
විශාල රණවිරුවන් ප්‍රමාණයක් පූර්ණකාලීන ආබාධිත තත්ත්වයට පත්ව ඇති
බවත් එසේ සිදුකළ විශාල කැපකිරීම් සම්භාරයක ප්‍රතිඵලයක් ලෙස අද අප
මේ නිදහස භුක්ති විඳින බවත් එතුමන් සිය අදහස් දැක්වීමේදී සඳහන් කර
සිටියේය.
මෙම මානුෂීය මෙහෙයුම්වලදී වැදගත් වූයේ ඒ සඳහා යොදා ගත් අවි ආයුධ
නොව එම අවි ආයුධ පිටුපස සිටි මිනිසා වන අතර අද අපට නිදහස් දෙකඩ
නොවූ ස්වෛරීය රටකට උරුමකම් කීමට හැකිව ඇත්තේ එම ආයුධ මෙහෙය වූ ඒ
අභීත රණවිරුවන් නිසාවෙන් බවත් ආරක්ෂක ලේකම්තුමන් ප්‍රකාශ කරන ලදී.
බොහෝදෙනා විසින් පරාජය කළ නොහැකි බවට පැවසූ ත්‍රස්තවාදය පරාජය
කිරීමට අවශ්‍ය නිවැරදි නායකත්වය සපයමින් මානුෂීය මෙහෙයුම් මෙහෙය වූ
අතිගරු ජනාධිපතිතුමන්ට ආරක්ෂක ලේකම්තුමන් සිය විශේෂ ස්තූතිය පිරි
නැමුවේය.
මෙම ප්‍රණාම උළෙලේදී මියගිය, පූර්ණ කාලීන ආබාධිත
තත්ත්වයට පත් වූ දැනට සේවයේ නියුතු මලියදේව විද්‍යාලීය ආදිශිෂ්‍ය
රණවිරුවන් 141 දෙනෙකුට උපහාර පුද කරන ලදී.
මලියදේව විද්‍යාලයේ පැවැති මෙම උපහාර උළෙලට
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ,
අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍ය ජයරත්න හේරත්, වයඹ පළාත්
ආණ්ඩුකාර නීතීඥ එස්.ආර් බලල්ල යන මහත්ම මහත්මීහු ඇතුළුව විශාල
පිරිසක් ද එක්ව සිටියහ.
|