››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 11/20/2009 2:04:29 PM <% on Error Resume Next Response.Expires = 0 %> '5 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල' උත්කර්ශවත් අයුරින් සුගතදාස ක්‍රීඩාංගනයේ ...

'5 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල' උත්කර්ශවත් අයුරින් සුගතදාස ක්‍රීඩාංගනයේ ...

පස්වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල සුගතදාස ක්‍රීඩාංගනයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් උත්කර්ෂවත් අන්දමින් ඊයේ (නොවැම්බර් 19) දින හවස විවෘත කරනු ලැබීය.

යුද, ගුවන් හා නාවික හමුදාවන්හී ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් ඉසව් 29 ක් පුරා සිය උපරිම දක්ෂතාවයන් දක්වන මෙම ක්‍රීඩා උළෙල වාර්ෂිකව පවත්වනු ලබන අතර මෙවර මෙම ක්‍රීඩා උළෙල සඳහා අනුග්‍රහය දක්වනු ලබනුයේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.

මෙම උළෙල වර්ණවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා පැරෂුට් කරුවන්ගෙන් සමන්විත පැරෂුට් සංදර්ශණයක් පවත්වනු ලැබූ අතර අනතුරුව තූර්ය වාදන සංදර්ශණයක් සහ ත්‍රිවිධ හමුදාවේ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවූ ආචාර පෙලපාලියක්ද පවත්වනු ලැබීය.

     
     
     
     
     

පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ