පස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ශූරතාවය ගුවන් හමුදාවට
ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදි අවසන්වූ
පස්වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව
විසින් එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය මෙහිදී ශ්‍රී ලංකා ගුවන්
හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එක සමාන ප්‍රථම ස්ථාන
සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත්වුවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්
නාවික හමුදාවට වඩා දෙවන ස්ථාන දෙකක් දිනා ගැනීමෙන් එහි ශූරතාවය
දිනා ගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ප්‍රථම ස්ථාන
8 ක් දෙවන ස්ථාන දෙකක් දිනා ගනිමින් එහි තුන්වන ස්ථානය දිනා ගැනීමට
සමත් විය.
වාර්ෂිකව පවත්වනු ලබන මෙම ක්‍රීඩා උළෙලීදී ශ්‍රී
ලංකා යුධ නාවික හා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් එහි
පැවති ක්‍රීඩා ඉසව් 29 ක් පුරාවට සිය උපරිම දක්ෂතාවයන් පෙන්වීමට
සමත් වූහ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින්
පැමිණි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් ශ්‍රී ලංකා ගුවන්
හමුදා කන්ඩායම සිය ශූරතාවය ලබාගන්නා ලදී.
මෙම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ්
මාර්ෂල් රොෂාන් ගුණතිලක ශ්‍රි ලංකා යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල්
ජගත් ජයසූරිය හා මෙවර ක්‍රීඩා උත්සවය සදහා අනුග්‍රහය දක්වන ලද
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති තිසර සමරසිංහ මහතාද සහභාගී වූහ.
|