ජනාධිපති රන්කුසලාන වොලිබෝල් ප්‍රථමවරට යාපනයේ දී
කණ්ඩායම් 6357ක්: ජාතික ක්‍රීඩාවට
වාර්තාවක්
ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ජනාධිපති
රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන අගෝස්තු 7 වැනිදා රටපුරා ආරම්භ
කෙරේ.
 |
|
ඇමති ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන හා
ස්වදේශ කටයුතු ඇමති ඩිලාන් පෙරේරා (සභාපති ශශ්‍රී ලංකා
වොලිබෝල් සම්මේලනය) මහත්වරුන් වෙත අනුග්‍රාහක චෙක්පත
පිළිගන්වන සුරේන් ගුණවර්ධන මහතා (ප්‍රධාන මෙහෙයුම්
නිලධාරි ඩයලොග් එක්සියටා පුද්ගලික Axiata සමාගම)
ඡායාරූපය නිරන්ජන් කොන්තසිංහ |
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්
මුළු රටම එක්සත් වී ඇති අවස්ථාවක ජාතික ක්‍රීඩාව මෙවර යාපනයේ දොරේ
අප්පා ක්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය
පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ශ්‍රී ලංකා වොලිබෝල්
සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
යාපනය දිස්ත්‍රික්කයේ තරග අගෝස්තු 12 වැනිදා
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ඩබ්ලිව් ඩී.ජේ.
සෙනෙවිරත්න මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ
සහභාගිත්වයෙන් ආරම්භ කෙරේ. ජනාධිපති රන් කුසලාන තරගාවලිය මෙතෙක්
උතුරු පළාතේ පවත්වා නොමැත. එහෙයින් මෙය ඓතිහාසික අවස්ථාවක් බව
නියෝජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසී ය.
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය පිළිබඳ
මාධ්‍ය හමුවක් පසුගියදා ඔලිම්පික් නිවහනේදී පැවැති අතර එහිදී
නියෝජ්‍ය ඇමැතිවරයා ඒ බව පැවැසී ය.
මෙවර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට
කණ්ඩායම් 6357 සහභාගී වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70000ක් පමණ
ඇතුලත් වේ. එය මෙරට වොලිබෝල් ක්‍ෂේත්‍රයේ වාර්තාවකි. දිනෙන් දින
සහභාගිත්වය වැඩිවන හෙයින් ජාතික ක්‍රීඩාවෙන් වොලිබෝල් හමුදාවක්
ගොඩනැගීමට හැකිවූයේ යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසී
ය.
අදියර 3ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ ප්‍රථම වටය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වේ. ජාතික මට්ටමේ සිටින
සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම සේවා ආයතනවලින් බැහැර වී ගමේ
ක්‍රීඩා සමාජයට එක්වීම තරගාවලියේ විශේෂත්වයකි. ක්‍රීඩා සමාජයට අදාල
ග්‍රාම නිලධාරී වසමේ ස්ථීර පදිංචිය සනාථ කිරීමද අනිවාර්ය වේ.
සැප්තැම්බර් මස 4 වැනිදා සිට දිස්ත්‍රික් මට්ටමේ
තරග වටය ආරම්භ වන අතර ඔක්තෝම්බර් 13 දා සිට ජාතික මට්ටමේ තරග වටය
පැවැත්වේ.
මාස 2ක් පුරා තරගාවලිය පැවැත්වෙන අතර ග්‍රාමීය
මට්ටමෙන් ජාතික ච්2ඩාව සවිබල ගැන්වීම තම සමාගමේ අරමුණ බව ඩයලොග්
ස්ථාවර දුරකථන සහ රූපවාහිනී සේවා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරේන්
ගුණවර්ධන මහතා පැවැසී ය.
අනුග්‍රහය : දිනමිණ |