››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 7/27/2010 10:22:45 AM <% on Error Resume Next Response.Expires = 0 %> සිංහල කොටියකු නවගමුවේ දී අල්ලයි

සිංහල කොටියකු නවගමුවේ දී අල්ලයි

සිංහල කොටි නායකයකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් නවගමුව දැඩිගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කොටි බුද්ධි අංශ නායකයන් සමඟ එක් වී දකුණේ අපරාධ සහ ඝාතන සැලැසුම් ක්‍රියාත්මක කිරීමට කොටින්ට සහාය වූ අයෙකි.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණ තොරතුරුක් අනුව මාස කීපයක් තිස්සේ පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය. දකුණේ සහ උතුරේ කොටි අපරාධවලට වසර 18ට වැඩි කාලයක් මෙම සිංහල කොටියා සහයෝගය ලබා දී තිබේ.

ඒ සඳහා විදේශ සංචාරවල ද යෙදී ඇත. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඝාතන සැලසුමට උදව්දීම, ත්‍රීරෝද රියකින් ගොස් ප්‍රහාරයන් සඳහා පනාගොඩ හමුදා කඳවුර පෙන්වීම, පොල්හේන්ගොඩ හමුදා කඳවුරේ සිතියම් සකස් කර දීම, 2007දී මරාගෙන මැරෙන කොටි කතක් සඟවා ගෙන සිටීම, පුපුරන ද්‍රව්‍ය කිලෝ 40ක් ප්‍රවාහනය කිරීම, යුද හා නාවික හමුදා ප්‍රධානීන්ගේ තොරතුරු කොටින්ට ලබාදීම, දකුණේ බෝම්බ පිපිරීම් සිද්ධි ගනනාවකට සහයෝගය දීම ඇතුළු අපරාධ ගණනාවකට මොහු සම්බන්ධව තිබේ. ජාත්‍යන්තර කොටි බුද්ධි අංශ නායකයන් දෙදෙනකු වූ සිවා සහ රඝු මලයාසියාවේදී හමුවී ඔවුන්ට තොරතුරු වාර්තාකර තිබුණේ් ද මෙම කොටි නායකයායි.

2007 – 2008 වර්ෂවලදී උතුරේ සිට කොළඹට ආ කොටි බුද්ධි අංශය සමඟ සම්බන්ධවී උතුරේ මානුෂීය මෙහෙයුම නවත්වා ගැනීමට මොහු කටයුතු කර තිබේ.

අවස්ථා කීපයකදී උතුරට සහ මන්නාරමට ගොස් කොටි බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන්ගේ ගෝලයන් සමඟ සාකච්ඡා පැවැත්වීමද සිදු කර තිබේ. බැංකු ගිණූම් රැසක් හිමි මොහුගේ ගිණුම් පරීක්‍ෂා කිරීම ද දැන් සිදු කෙරේ. රඳවා ගැනීමේ නියෝග යටතේ සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

කොළඹ අපරාධ කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරී රණවීර මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති හේමන්ත දික්ඕවිට, ඒකක 01 අංශය බාර ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ. ඩී. ජී. බී. විජේරත්න, උප පොලිස් පරීක්‍ෂක අමල්, සැරයන් පේ‍්‍රමරත්න සහ රුවන් යන මහත්වරු වැටලීම් සිදුකර පරීක්‍ෂණ පවත්වති.

අනුග්‍රහය : දිනමිණ


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ