උතුරු නැගෙනහිර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඉහළ
තාක්ෂණ දැනුම
ගමට තාක්ෂණය ගෙනයාමේ වැඩපිළිවෙළ යටතේ උතුරු
නැගෙනහිර පළාත්වල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්
කර්මාන්තකරණයට යොමුකරවමින් අවශ්‍ය ඉහළ තාක්ෂණ දැනුම ලබාදීමේ
වැඩසටහනක් ආරම්භ කර ඇතැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
විශේෂයෙන්ම එම පළාත්වල ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා
යෝගට්, ජෑම්, කෝඩියල්, රසකැවිලි, සබන්, ඉටිපන්දම්, එළවළු හා පළතුරු
විජලනය, අත්කඩදාසි නිෂ්පාදනය, සහල් ආශ්‍රිත බේකරි කර්මාන්තය,
ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දැනුම හා
මාර්ගෝපදේශනය ලබාදී ඇත.
මේ වන විට අදාළ අංශවලින් ආරම්භ කරන ලද
කර්මාන්තවල විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බව අමාත්‍යාංශය සඳහන්
කරයි.
නර්ඩ් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රමිති කාර්යාංශ
විද්‍යා පදනම, තාක්ෂණ හා පර්යේෂණ ආයතනය විසින් සොයාගනු ලබන නව
තාක්ෂණ දැනුම පිළිබඳ පුහුණු වැඩසටහන් ගණනාවක් උතුරු නැගෙනහිර
පළාත්වල ක්‍රියාත්මක කර ඇත. එම පළාත්වල ජනතාව මෙම වැඩසටහන්වලට
සහභාගිවීමෙන් අනතුරුව ව්‍යවසායකයන් ලෙස ව්‍යාපාර ආරම්භ කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි |