අපි ගැන | ප්‍රතිචාර | අඩවි සැකැස්ම
උණුසුම් පුවත් ››
සේවයේ නියුතු රණවිරුවන් වෙනුවෙන් නිවාස 700ක් සාදා දීමට මේ වන විට රජය පියවර ගෙන තිබෙනවා- ආරක්ෂක ලේකම් ........
››› මුල් පිටුව
+වැඩි | -අඩු | මුද්‍රණයට | ප්‍රතිචාර
යාවත්කාලීන වේලාව: 7/28/2010 9:46:29 AM <% on Error Resume Next Response.Expires = 0 %>
ඉන්දීය වෙරළාරක්‍ෂක බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පනස් දෙදෙනකු සහ ධීවර යාත්‍රා දහඅටක් එරට රජය නිදහස් කර ඇත. මොවුන් ඉන්දීය මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්‍ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, තංගල්ල, ත්‍රිකුණාමලය, දෙවිනුවර සහ මීගමුව යන ධීවර වරායවලින් මෙම පිරිස මසුන් මැරීමට දියඹට ගොස් තිබේ. නවදිල්ලි නුවර පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පිරිසට පිටත් කර හැරීමේ නියෝග ලබාදුන් පසු එම ධීවර යාත්‍රා සහ ධීවරයන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වන විට තවත් ධීවරයන් 113 ක් සහ ධීවර යාත්‍රා 32 ක් ඉන්දීය ආරක්‍ෂක අංශ අත්අඩංගුවේ පසුවන බව අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
දිවයින ඇසුරෙනි
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ