තාවකාලිකව අවතැන් වූවන් නැවත පදිංචිකිරීම නිසියාකාරව සිදු නොවන
බවට ජ.වි.පෙ චෝදනා පදනම් විරහිතයි
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
උතුරේ තාවකාලිකව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ
කටයුතු නිසියාකාරව සිදුනොවන බවට ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට
නගන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත්, ගෙවුණු වසරක කාලය
ඇතුළත අවතැන් වූවන්ගෙන් විශාල ප්‍රමාණයක් නැවත පදිංචි කිරීමට රජයට
හැකියාව ලැබී තිඛෙන බවත්, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය හා රාජ්‍ය
ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
එතුමන් මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (ජූලි 27) පෙරවරුවේ ජාතික
ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට
එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා
ප්‍රකාශ කර සිටියේ, මානුෂීය මෙහෙයුම් සමයේ අවතැන් භාවයට පත්
වූවන්ගේ සංඛ්‍යාව 2,67,393 ක් බවත් ඔවුන්ගෙන් 2,35,000 ක් වසරක්
ඇතුළත නැවත පදිංචි කිරීමට රජයට හැකියාව ලැබී ඇති බවයි. මෙහිදී
අමාත්‍යවරයා පැමිණ සිටි මාධ්‍යවේදීන් දැනුවත් කරමින් කියා සිටියේ,
මේ වනවිට නැවත පදිංචි කිරීම සඳහා ඉතිරිව ඇත්තේ 35,333 දෙනෙකු පමණක්
බවත් දැනට කඳවුරු වල ඉතිරිව සිටින මෙම පිරිසගෙන් ද කොටසක් දිනපතා
කඳවුරුවලින් බැහැරට ගොස් සිය එදිනෙදා කටයුතුවල නිරතව නැවත
කඳවුරුවලට පැමිණෙන බවත්, කඳවුරුවල ජීවත් වුවද ඔවුන්ගේ එදිනෙදා
කටයුතු සාමාන්‍ය පරිදි සිදුකර ගැනීමට අවශ්‍ය පරිසරය රජය විසින්
ඔවුන්හට නිර්මාණය කර දී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන්
අමතා කියා සිටියේය. දළ වශයෙන් දිනකට අවතැන් වූවන් 600 ත් 700 ත්
අතර ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇති බවද හෙතෙම මෙම මාධ්‍ය හමුවේදී
කියා සිටියේය.
මානුෂීය මෙහෙයුම් සමයේ ත්‍රස්තවාදීන් විසින් උතුරු ප්‍රදේශයේ දළ
වශයෙන් මිලියන 1.5 ක පමණ බිම් බෝම්බ වළ දමා ඇති බවත් මේ වන විට
බිමිබෝම්බ 275,000 ක් පමණ ඉවත් කර ඇති බවත් ඉන් 95්‍ර ම ඉවත් කර
ඇත්තේ යුද හමුදාවේ මැදිහත් වීමෙන් බවද සිහිපත් කළ අමාත්‍යවරයා
අවධාරණය කර සිටියේ, එම ප්‍රදේශවල පවතින බිම් බෝම්බ අවධානම හේතුවෙන්
අවතැන් වූවන් පදිංචි කිරීමේ කටයුතු තරමක් දුරට ප්‍රමාදව ඇති බවයි.
බිම් බෝම්බ වළ දැමූ ප්‍රදේශ වල ජනතාව නැවත පදිංචි කිරීමේදී ඔවුන්ගේ
ජීවිත වලට අවධානමක් නොමැති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ
රෙගුලාසි අනුව රජය සහතික විය යුතු බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා
වැඩිදුරටත් කියා සිටියේ, එය ඉතාමත් වගකීම් සහගත කටයුත්තක් බවයි.
උතුරේ බිමිබෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජය මේ වනවිට රුපියල්
මිලියන 860 ක වියදමක් දරා ඇති බවද පැමිණ සිටි මාධ්‍යවේදීන් දැනුවත්
කරමින් අමාත්‍යවරයා කියා සිටියේය.
මානුෂීය මෙහෙයුම් පැවැති ප්‍රදේශ වෙත යාමට මහජන නියෝජිතයන් හට
අවස්ථාව ලබා නොදෙන බවට ඇතැම් පිරිස් නගන චෝදනා පිළිබඳව අදහස්
දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, පසුගිය වකවානුවේ ඇතැම්
හේතූන් මත එම ප්‍රදේශ වෙත යෑමට මහජන නියෝජිතයන් හට ඉඩ ලබා නොදුන්
නමුත් මේ වනවිට ඕනෑම මහජන නියෝජිතයෙකුහට එම ප්‍රදේශ වෙත පිවිස එම
ප්‍රදේශවල සිදුවන සංවර්ධන කටයුතු දැක බලා ගැනීමට ද රජය අවස්ථාව
ලබාදී ඇති බවයි.
නමුත් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් හට මෙම ප්‍රදේශවලට
පිවිසීමේදී යම් යම් සීමා මායිම් දැමීමට රජයට සිදුවී ඇති බව ප්‍රකාශ
කළ අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ඇතැම් රාජ්‍ය
නොවන සංවිධාන විසින් නැවත පදිංචි කිරීමේ කටයුතු නිසියාකාරව සිදු
නොවන බවට ජාත්‍යන්තරයේ ගෙන ගිය අසත්‍ය ප්‍රචාර හමුවේ රජය මෙම දැඩි
පියවර අනුගමනය කරන බවයි. නමුත් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය
උතුරේ සංවර්ධනය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යපෘතීන් හා
සම`ග සම්බන්ධ වීමට එක`ග වීම තුළින් රාජ්‍ය නොවන සංවිධානවලට ද එම
ප්‍රදේශ වෙත පිවිසීමට අවස්ථාව ලබාදී ඇති බව ද අමාත්‍යවරයා
වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
පසුගිය ජූලි 21 වනදා මිය ගිය රුහුණු විශ්වවිද්‍යාලීය සිසුවාගේ මරණය
සම්බන්ධයෙන් විවිධ පිරිස් නගන චෝදනා පිළිබඳව අදහස් දැක් වූ
අමාත්‍යවරයා කියා සිටියේ, මේ වනවිට එම සිදුවීම පිළිබඳව පොලීසිය
විසින් නීත්‍යානුකූල පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි. ජූනි 17 වන දින
රුහුණු සරසවියේ කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බවත් එම ගැටුමේදී පහර
කෑමට ලක් වූ මෙම බණ්ඩාර නැමති සිසුවා පසුගිය ජූලි 07 වන දින බදුල්ල
මහරෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුව ජූලි 21 වන දින මරණයට පත්වීම
පිළිබඳව විවිධ පිරිස් විවිධ මත පළ කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා
කියා සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා මේ වන විටත්
ලැබී ඇති අතර මහේස්ත්‍රාත් පරීකෂණ කටයුතු ඉතාමත් විනිවිදභාවයකින්
මේ වන විට සිදු කරමින් පවතින බවයි.
මෙහිදී මාධ්‍යවේදියකු විසින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින
සම්බන්ධතා පිළිබඳව නැ`ගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා
ප්‍රකාශ කලේ මේ වන විට ඉන්දියාව සම`ගින් ලංකාව පවත්වන
රාජත්‍රාන්තික සම්බන්ධතා ඉතාමත් සුබවාදී මුහුණුවරක් ගෙන ඇති බවයි.
පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා විසින් ශ්‍රී
ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 250 ක් ලබා දීමට
එක`ගතාව පළ කළ බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම උතුරේ
සංවර්ධන කටයුතු නිරීකෂණය කිරීමට හා කඳවුරුවල වෙසෙන ජනතාවගේ
සුබසාධන කටයුතු සිදු වන ආකාරය සියැසින් දැක බලා ගැනීමට පැමිණෙන ලෙස
ජනාධිපතිතුමන් විසින් ද තමිල්නාඩු මහ ඇමති කරුණානිධි මහතා ඇතුළු
පිරිසට සුහදශීලී ආරාධනාවක් කර ඇති බවටද හෙතෙම ප්‍රකාශ කළෙAය.
මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ
ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්
උභය මැදවල, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත්,
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් ජනක නානායක්කාර, පොලිස්
මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි යන මහත්වරුන් ද
එක්ව සිටියහ.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය
ඇසුරෙනි |