››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 7/29/2010 7:18:43 AM <% on Error Resume Next Response.Expires = 0 %> ශ්‍රී ලංකා ජපාන සංචාරක ප්‍රවර්ධනයට පියවර

ශ්‍රී ලංකා ජපාන සංචාරක ප්‍රවර්ධනයට පියවර

විදේශ අමාත්‍ය ජී. එල්. පිරිස් මැතිතුමා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා   ජපානයේදී එරට සංචාරක නියෝජිත ආයතනයේ සභාපති අකිරා කනායි මැතිතුමා හමුවී දෙරටේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙල පිලිබද සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය වසින් හදුන්වා දී ඇති නව සංචාරක වැඩපිලිවෙල
සම්බන්දයෙන් මෙහිදි ජපාන නියෝජිතයා දැනුවත් කිරීමට අමාත්‍යවරුන් දෙපල ක්‍රියා කළෝය.

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සමබන්ධයෙන් පනවා තිබු සීමා ඉවත් කිරීම පිලිබදව ද පැහැදිලි කළ අමාත්‍යවරු, ශ්‍රී ලංකාවට පැමිණ එහි වත්මන් තත්තවය අත්දකින ලෙස ජපාන සංචාරක නියොයෝජිතයින්ට ආරාධනා කළහ.

ජපාන ජාතිකයින් ශ්‍රී ලංකාව සංචාරක නවාතැනක් ලෙස ඛෙහෙවින් අගය කරන බවත් ජපන් භාෂාව හා ජපාන ආහාර සංස්කෘතිය ශ්‍රී ලංකාවේ තවදුරටත් වර්ධනය කළ හැකි නම් ජපන් ජාතිකයින් වඩවඩාත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද සභාපතිවරයා මෙහිදි පැහැදිල කළේය.

සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි මහතා ද මුණගැසුණ අමාත්‍යවරු දෙපල ශ්‍රී ලංකාවේ වත්මන් සංර්ධන කටයුතු පිළිබදව ඒ මහතා දැනුවත් කරන ලදී.
ජනාධිපති මාධ්‍ය ඒකකය ඇසුරෙනි


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ