ඩයනමයිට් වෙනුවට ලංකාවේ නිෂ්පාදිත “වෝටර් ජෙල්”
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ
අනුමැතිය හා උපදෙස් පරිදි, ත්‍රස්තවාදී කටයුතු වලට යොදාගත හැකි,
පරිසරයට හානිකර වූ මිළ අධික “ඩයනමයිට්” වෙනුවට ත්‍රස්තවාදී කටයුතු
වලට යොදාගත නොහැකි, පරිසරයට අහිතකර නොවූ ඉතා ලාභදායී පුපුරණ
ද්‍රව්‍යයක් “වෝටර් ජෙල්” නමින් කළුගල් පිපිරවීම සඳහා දැන් ශ්‍රී
ලංකාවේදී නිෂ්පාදනය කෙරේ.
ලොවපුරා “ඩයනමයිට්” භාවිතය ඉතා සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින යුගයක
මෙම පරිසර හිතකාමී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය මීරිගම ප්‍රදේශයේ
“Kelani Fire Works Limited” නමින් ස්ථාපනය කර ඇත.
මෙම නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත “Water Gel” නැමති මෙම පුපුරණ
ද්‍රව්‍යවල තත්වය පරීක්ෂා කිරීම සඳහා ඊයේ (ජූලි 27) දින දිවුලපිටිය
කොටදෙනියාව ප්‍රදේශයේ කළුගල් නිෂ්පාදනය කරන ස්ථාන තුනක පිපිරවීම්
කිහිපයක් සිදුකර එහි තත්වය, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයින්
පිරිසක් විසින් නිරීක්ෂනය කරන ලදි. මෙහිදී “ඩයනමයිට්” සමඟ ඇමෝනියම්
නයිට්‍රේට් යොදා පිපිරවීම් සිදුකල අතර, “වෝටර් ජෙල්” සමඟ ඇමෝනියම්
නයිට්‍රේට් යොදා ද පිපිරවීම් සිදුකර එහි වෙනස ද නිරීක්ෂණය කරන ලදි.
මෙහිදී පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විෙශ්ෂඥයින්ගේ මතය වූයේ
“ඩයිනමයිට්” වලට වඩා “වෝටර් ජෙල්” භාවිතය ඉතා ප්‍රථිඵලදායක බවය.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුන් වන ජගත් විජේවීර
මහතා, නීල් හපුහින්න මහතා,
රජයේ නියෝජ්‍ය රස පරීක්ෂක ගුණතිලක මහතා, නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය
පාළක ආර්එම්එල් රාජපක්ෂ මහතා, කැළණි ෆයර් වර්ක්ස් සමාගමේ හිමිකරු
රංජිත් ප්‍රනාන්දු මහතා සහ ගම්පහ සහකාර පුපුරණ ද්‍රව්‍ය පාළක
බන්දුල හේරත් මහතා ඇතුළු දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල සහකාර
පුපුරණ ද්‍රව්‍ය පාළකවරුන් සහ රජයේ නිළධාරීන් රැසක් ද සහභාගිවූහ.
|