උතුරේ බිම් බෝම්බ ඉවත් කරන්න චීනයෙන් විශේෂඥ කණ්ඩායමක්
උතුරේ ප්‍රදේශවල වළ දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා චීන රජයේ
ආරක්ෂක හමුදා නිලධාරීහු ඇතුළු විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණ
සිටිති. බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ මූලික අධ්‍යනය සඳහා
මේ විශේෂඥ කණ්ඩායම දිවයිනට පැමිණ සිටින අතර ආර්ථික සංවර්ධන
අමාත්‍යාංශය යටතේ තිබෙන මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික
වැඩසටහනේ නිලධාරීන් සමඟ මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ද සිදු කැර ඇත.
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ
මේ කටයුතු සිදු කෙරේ. වර්ග කිලෝමීටර් 2400 ක ප්‍රදේශයක වළ දමා ඇති
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ අනුව සිදු කිරීමට නියමිතය.
උතුරු හා නැඟෙනහිර පළාත්වල බිම් බෝම්බ හා පුපුරා නොගිය අවි කොටස්
තිබෙන බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවලින් මේ වන විට වර්ග කිලෝමීටර්
1500 ක ප්‍රදේශයක ඒවා ඉවත් කිරීමට ද හැකි වී තිබේ. ශ්‍රී ලංකා රජයේ
ආරාධනයකට අනුව පැමිණි චීන විශේෂඥ කණ්ඩායම ඉදිරි දින කීපය තුළ බිම්
බෝම්බ ඉවත් කිරීම පිළිබඳ අධ්‍යනයක නිරත වේ.
දිනමිණ ඇසුරෙනි
|