››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 7/30/2010 2:12:13 PM <% on Error Resume Next Response.Expires = 0 %> උතුරට පොල් පැල 81000 ක් බෙදාදීමට පියවර

උතුරට පොල් පැල 81000 ක් බෙදාදීමට පියවර

ගෙවතු වගා වැඩසටහන යටතේ උතුරු පළාතේ නැවත පදිංචි කළ පවුල් සඳහා පොල් පැල 81000ක් බෙදාදීමට පොල් සංවර්ධන අධිකාරය පියවර ගෙන තිබේ.

උතුරු ප්‍රදේශයේ දෛනික අවශ්‍යතා සපුරා ගනිමින් පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගත් බව පොල් සංවර්ධන මණ්ඩලයේ ව්‍යාප්ති හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ බන්දුල කුමාර මහතා පැවසීය.

වසර 5ක් ඇතුලත එක් නිවසක් සඳහා පොල් පැල 3ක් බැගින් උතුරු පළාත සඳහා පොල්පැල ලක්ෂයක් බෙදාදීමට අපේක්ෂිතය. මෙම පළාතේ යුද්ධයට පෙර අක්කර 50,000 ක පමණ පොල් වගාකර තිබූ අතර මේ වන විට ඉන් පොල් අක්කර 37000ක් ඉතුරුව පමණී.

ගෙවතු වගා ක්‍රමය යටතේ මේ වන විට පොල්පැල 9000ක් උතුරට යවා ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය යටතේ ලබාදෙන පොල් පැලයක් සඳහා රුපියල් 10 ක මුදලක් වගාකරුවෙකුගෙන් අය කෙරෙන අතර පොල්පැල බෙදාදීම සඳහා දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය ලබා ගැනීම සිදු වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ