››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 7/30/2010 2:25:54 PM <% on Error Resume Next Response.Expires = 0 %> මුලතිවි මහා සටනේදී මියගිය රණවිරුවන් සදා අණුස්මරණීයයි . . .

ජපන් ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ දොරටු විවෘතයි - ඇමතිවරු පවසති

ත්‍රස්තවාදය පරාජය කිරීම තුළින් හා රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය තුළින් වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ උදාවී ඇති තත්වය ජපානය හා ශ්‍රී ලංකාව අතර වඩා ශක්තිමත් වූ ආර්ථීක සහයෝගීතාවකට දෙරටු විවර කරන්නක් බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජපන් ජාතික ප්‍රවෘත්ති සමාජයේ පැවසූහ.

ජපානයේ සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජපන් ජාතික ප්‍රවෘත්ති සමාජයේ රැස්ව සිටි විශාල පිරිසක් අමතමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දෙපළ ජපාන ව්‍යාපාරික ප්‍රජාවට පවසා සිටියේ වෙළෙදාම සහ ආයෝජනය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාවේ පවතින තත්වය වඩාත් හිතකර බවයි.

ශ්‍රී ලංකාවේි ක්‍රියාත්මක වන ජපන් රාජ්‍ය නොවන නියෝජිතයින් හමුවූ අමාත්‍ය දෙපළ ව්‍යයසන අවස්ථාවලදී සැමවිටම සහයෝගයට ඉදිරිපත්වීම පිළිබඳ සිය කෘතඥතාව ද පළ කර සිටියහ.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ