රට ගොඩ නඟන්න ඕනෑම අයකුගේ දායකත්වය ලබාගන්න රජය සූදානම්
රටේ විනාශකාරිත්වය සඳහා ක්‍රියා කළ පුද්ගලයන් පවා රටේ සංවර්ධන
ක්‍රියාවලියට යොදාගත හැකි නම් රජය ඒ සඳහා ක්‍රියා කරන බව කැබිනට්
ප්‍රකාශක තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා
පැවසීය.
පවතින නීතියට අනුව කේ. පී. රජයේ සාක්‍ෂිකරුවකු බවට පත් කර ගැනීමේ
හැකියාව පවතින බව පැවැසූ ඇමැති රඹුක්වැල්ල මහතා රටේ අනාගත
යහපැවැත්ම වෙනුවෙන් රටේ මූලික නීති පද්ධතිය නොකඩා, පවතින
ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක වීමේ හැකියාව රජයට ඇතැයි ද කීවේය.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී
ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවෙදියකු නැඟු ප්‍රශ්නයකට
පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඇමැති රඹුක්වැල්ල මහතා මෙසේද
කීවේය. යුදමය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කර ඇති මේ අවස්ථාවේදී රටේ
සංවර්ධනය වෙනුවෙන් සියලු පාර්ශවයන් ඒකරාශී කර ගත යුතුයි.
විදේශගත දෙමළ ප්‍රජාවගේද (දෙමළ ඩයස්පෝරාව) මේ සඳහා ඉල්ලීමක්
තිබෙනවා. දෙමළ ඩයස්පෝරාව තුළ එල්.ටී.ටී.ඊ. ය හිතවාදී පිරිසක්
මෙන්ම තමනගේ ජනතාවගේ හෙට දවස ගැන සිතන පිරිසක්ද සිටිනවා. මෙවැනි
පිරිස් තුළ රට ගොඩගැනීමේ අවශ්‍යතාව තිබෙනවා.
රට ගොඩනැගීමේ කාර්යයට කේ.පී.වැනි අයත් සම්බන්ධ කර ගත හැකියි. රටේ
විනාශකාරීත්වය වෙනුවෙන් ක්‍රියා කළ පුද්ගලයන් පවා අද මේ රටේ
සංවර්ධනය සඳහා යොදා ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. කේ.පී. ට
එරෙහිව නෛතික ක්‍රියාමාර්ග නිසි අයුරින් ක්‍රියාත්මක වෙනවා.
රටේ මූලික නීති පද්ධතියට හා ව්‍යවස්ථාවට එරෙහිව රජය කටයුතු කරන්නේ
නෑ. ජී.එස්.පී. සහනය ලබා ගැනීම සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වන
ආකාරය පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති
රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.
අපේ රටේ අභිමානය පාවා නොදී ජී.එස්.පී. සහනය ලබා ගැනීමටයි රජය
උත්සාහ දරන්නේ. අපේ රටේ ආර්ථිකය ඉතා දුර්වල තත්ත්වයක පැවතියා නම්
අපට ජී.එස්.පී. කොන්දේසිවලට අකැමැත්තෙන් හෝ හිස නවන්නට සිදු
වෙනවා. ඒත් අපේ ආර්ථිකය අද පවතින තත්ත්වය නිසා අපට කොන්ද කෙළින්
තබාගෙන කටයුතු කරන්නට හැකි වී තිබෙනවා. අද අපට රුපියල් කෝටි 700 ක
විදේශ සංචිත තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපේ විදේශ විනිමය යම්
තරමක පාලනයක තබා ගැනීමට අපට හැකියාව තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජාතික
සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආරිය රූබසිංහ යන
මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.
දිනමිණ ඇසුරෙනි
|