››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 7/30/2010 3:19:44 PM <% on Error Resume Next Response.Expires = 0 %> ඉන්දීය මුහුදේ මසුන් ඇල්ලූ ධීවරයෝ 15ක් දැලේ

ඉන්දීය මුහුදේ මසුන් ඇල්ලූ ධීවරයෝ 15ක් දැලේ

නීති විරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනෙක් සමඟ ධීවර බෝට්ටු තුනක් ඉන්දියානු වෙරළාරක්ෂක බළකාය මඟින් පෙරේදා : 28 අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. ඉන්දියාවේ ටියුටිකොරින් හි දී මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් වීර නෞකාව මඟිනි.

අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයන්ට අයත් බෝට්ටු තුන කුමුදුමතී, රමණී හා පොම්බි කුමාර් යනුවෙන් හඳුනාගෙන ඇති අතර මෙවැනි නීත්‍යානුකූල නොවන ධීවර කටයුතු වළකාලීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව දැඩි පියවර ගන්නා බවට ටියුටිකොරින් වෙරළාරක්ෂක මධ්‍යස්ථානය පවසා ඇත.

මේ ධීවරයින්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් නිත්‍යානුකූල නොවන සීමාවේ ධීවර කටයුතුවල යෙදුණු බව අනාවරණය කැරගෙන ඇති අතර ඔවුන් සතුව සැක සහිත කිසිඳු ලියවිල්ලක් නොතිබූ බව ද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

දිනමිණ ඇසුරෙනි


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ