ත්‍රස්‌තවාදී සැකකරුවන් 3000 ක් පුනරුත්ථාපනයකර නිදහස් කෙරේ
ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ අවසන් සටනේදී රජයට බාරවූ සටන් කරුවන්
පිරිසෙන් 3000 ක් පුනරුත්ථාපනය කර නිදහස් කිරීමට රජය පියවර ගෙන
ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ
මහතා පැවසීය.
නිදහස් කළ පිරිස අතර සරසවි සිසුන්ල ළමයින්ල රෝගී හා ආබාධිත
සාමාජිකයන්, උසාවි නියෝග මත නිදහස ලැබූවන්, ගර්භනී කාන්තාවන්,
ළමයින් සහිත මවුවරුන්, එල්.ටී.ටී.ඊ. ය සමග සුළු සම්බන්ධකම්
පැවැත්වූ වැසියෝ වෙති.
නිදහස ලැබූ පිරිස අතර පිරිමි ළමයි 363 ක් සහ ගැහැණු ළමයි 231 ක්
සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එල්.ටී.ටී.ඊ. ය විසින්
සොල්දාදුවන් ලෙස බලහත්කාරයෙන් බඳවාගෙන ඇතැයි ද බ්‍රිගේඩියර් රණසිංහ
මහතා වැඩිදුරටත් පැවසීය. සටන්කරුවන් 11,698 දෙනකු පුනරුත්ථාපනය
සඳහා හඳුනාගෙන ඇත
දිවයින ඇසුරෙනි |