››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 7/26/2012 10:51:08 AM උතුරු - නැගෙනහිර සංවර්ධන කටයුතු දිගටම

උතුරු - නැගෙනහිර සංවර්ධන කටයුතු දිගටම

මඩකලපුව

උතුරු - නැගෙනහිර සංවර්ධනය කිරීමේ ර‍ජයේ ප්‍රතිපත්ති යටතේ නැගෙනහිර පළාතට අයත් මඩකලපුවේ නව පාලම් ඉදිවෙමින් පවතී. මෙම නව පාලම් අතර මීටර් 326 ක් දිගු වාහන මංතීරු දෙකකින් සමන්විත කල්අඩි පාලම විශේෂත්වයක් ගනී.

වසර සියයක් පමණ පැරණි මෙම පාලම මැනිං ආර්යා පාලම (Lady Manning Bridge) නමින්ද හැඳින්වේ. මෙය යකඩ රාමු යොදාගෙන නිමවා ඇත. තිස් වසරක ත්‍රස්තවාදී යුද සමය අවසානයේ ලැබුනු නිදහස බුක්ති විඳිමින් සංචාරකය කරනු ලබන සංචාරකයන්ගේ වැඩි වීමත් සමග වැඩි වන වාහන සංඛ්‍යාව හේතු කොටගෙන මෙම පාලම නවීකරණය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත් රජය දැයට ‘කිරුළ ප්‍රදර්ශනය - 2013’ ට සමගාමීව මෙම නව පාලම ඉදිකිරීමට අදහස් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1,700ක් වැය කිරීමට අපේක්ෂිතය.

යාපනය

යාපනය පැරණි ලන්දේසි බලකොටුව ප්‍රතිසංස්කරණය කිරීම රජය විසින් දියත් කර ඇති අතර එහි පෞරාණික වටිනාකම රැකෙන පරිදි එහි ඉදිකිරීම් දියත් කෙරෙමින් පවතී. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ සඳහා රුපියල් මිලියන 104.5ක් වැය වන අතර නෙදර්ලන්ත රජය රුපියල් මිලියන 55ක් මෙම ‍ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරනු ලබයි.

එවකට එල්.ටී.ටී.ඊ.ය මෙම බලකොටුව අවට ප්‍රදේශය තම වෙඩි උණ්ඩ සහ මෝටාර් ගබඩා කර තැබීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාව මෙම බලකොටුවට පිවිසීම සඳහා ඇති පිවිසුම් මාර්ග 4 නැවත විවෘත කිරීමේ කටයුතුවල නිරත වේ. 1618 දී පෘතුග්‍රීසීන් විසින් මෙම බලකොටුව කුඩා ප්‍රමාණයෙන් ඉදිකර ඇති අතර 1658 දී ඕලන්ද ජාතිකයන් මෙය පුලුල් කොට සාදා ඇත. පසුව 1795 දී මෙය බ්‍රිතාන්‍ය ජාතීන් අතට පත්ව තිබේ. පිරිසකර කිරීමෙන් පසුව මෙය උතුරුකරයට පැමිණෙන සංචාරකයන්ට යාපනය අවට සුන්දර දර්ශන නැරඹීම සඳහා සුදුසුම ස්ථානයක් වනු ඇත.

මෙම පිළිසකර කිරීම්වලට අමතරව යාපනය පැරණි උද්‍යානයටද නව මුහුණුවරක් දෙමින් පවතී. කලක් පැවති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා මෙම උද්‍යානය ජරාජීර්ණ තත්වයට පත්ව තිබූ අතර මේ වන විට එහි පෞරාණික වටිනාකම සහ සුන්දරත්වය වැඩි දියුණු වන ආකාරයේ සියලු පහසුකම් සහිතව නවීකරණය කොට ඇත. මේ නිසා එම ‍ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ විවේක කාලය තම අඹුදරුවන්ද සමග මෙහි විවේකීව ගත කිරීමේ අවකාශය සැලසෙනු ඇත.

 


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ