|
නැවත පදිංචි කරවීමේ අවසන් පියවර ක්‍රියාත්මකයි
මේ වනවිට ශ්‍රී ලංකාවේ අවතැන්වුවන් (මානුෂීය මෙහෙයුම් අවසන්වීමත්
සමගම සහන ගම්මාන වල සිටි පිරිස්) නැවත පදිංචි කරවීම අවසන් අදියරට
පැමිණ ඇති බවත් දැනට වව්නියාව "මැණික් ෆාර්ම්" සහන ගම්මානයේ
පදිංචිව සිටින පවුල 900 කට අයත් පිරිස් සිය මුල් ගම්බිම් වන
මුලතිවු දිස්ත්‍රීක්කයේ නැවත පදිංචියට යැවීමෙන් අනතුරුව එම සහන
ගම්මාන වසා දමන බවත් නැවත පදිංචි කරවීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන්
මහතා පවසයි.
අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ මැණික් ෆාර්ම් සහන ගම්මානයේ සිටි
පවුල් 300 කට අයත් පුද්ගලයින් 994 දෙනෙක් මුලතිවු දිස්ත්‍රික්කයේ
පුදුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ නැවත පදිංචි කරවීමේ අවස්ථාවට
සහභාග වෙමිනි.
මානුෂීය මෙහෙයුම් අවසාන වනවිට ත්‍රස්තවාදීන් විසින් මෙම භුමි
ප්‍රදේශ මුළුමනින්ම පාහේ බිම්බෝම්බ, පුද්ගල නාශක බෝම්බ, මරඋගුල්
ඇටවීම කර තිබු අතර යුද හමුදාව සහ රජය එක්ව නැවත ක්‍රියාත්මක කළ
"මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම" මගින් නිසැක
කිරීමෙන් පසු සාමාන්‍ය ජන ජීවිතය සඳහා සුදුසු තත්ත්වයට ගෙන ඒමට
කලක් ගතවිය. එයට අමතරව රජය මගින් මෙම පෙදෙස් වලට අවශ්‍ය යටිතල පහසුකම්
ඇතුළු අනෙකුත් සේවාවන් සහ අවශ්‍යතා මේ වනවිට ලබාදීමද සිදුකොට ඇත. මේ
යටතේ පදිංචි කරවන ලද පවුලක් වෙනුවෙන් දින තුනක් වෙනුවෙන් පිසූ ආහාර
සහ වියලි ආහාර, මාස 6 වෙනුවෙන් අවශ්‍ය භූමිතෙල් සහ වියලි ආහාර
අඩංගු පාර්සලයක් මෙන්ම පානීය ජලයද ලබාදීමට කටයුතුකොට තිබේ.
මෙම පිරිස් නැවත පදිංචි කරවීමේ මුලික අවශ්‍යතා සම්පුර්ණ කිරීම
වෙනුවෙන් අමාත්‍යාංශය වෙතින් රුපියල් ලක්ෂ 18 ක් වැය කොට ඇත. මේ වනවිට
උතුරු පළාතේ නැවත පදිංචි කරවීමේ වැඩපිළිවල යටතේ "මැණික් ෆාර්ම්" සහන
ගම්මානයේ පදිංචිව සිටි පවුල් 73 871 කට අයත් 266 695 ක් ඔවුන්ගේ
මුල් ගම්බිම් වල නැවත පදිංචි කොට ඇති අතර වවුනියාව කදිරගාමර්
ගම්මානයේ සහ ආනන්ද කුමාරස්වාමි සහන ගම්මාන වල පදිංචිව සිටින පවුල්
900 කට අයත් පුද්ගලයන් 3169 ක් නැවත පදිංචි කිරීමට නියමිත අතර
ඉදිරි මාස කීපය තුළ එම සියලු දෙනා පදිංචි කරවීමට අවශ්‍ය සියලු
කටයුතු සම්පාදනය කොට ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
|